- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
Author: Kesara Athipola
පුරප්පාඩුව පැවති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ නිකුත් කර තිබුණා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය මන්ත්‍රිධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා. ඒ අනුවයි පුරප්පාඩු වු මන්ත්‍රිධුරය සදහා කරුණාරත්න පරණවිතාන මහතා පත්කර ඇත්තේ.
උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් අද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ත් 80ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්භාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව පැවසෙන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඔහු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මතුගම ෂාන්ගේ ගෝලයෙක් ද වනවා මතුගම පොලිසිය විසින් මේ පිලිබදව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ව්‍යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එම ව්‍යාජ ලේඛන 2013 වසරේදී සකස් කර තිබෙනවා. ඇයට එරෙහිව පැමිණිලි 26 කට අදාළව බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබු බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ල, අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන්. මේ පිළිබද වැඩිදුර විමර්ශන බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබනවා.
මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීමට රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රබර් වගාවට වසර ගණනාවක් තුළ පොහොර දැමීමක් සිදු කර නැති බවයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ. එම හේතුවෙන් රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී තිබෙනවා. එම කරුණු සැලකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපතිට උපදෙස් ලබා දී තිබෙනවා.
වැල්ලවාය, නෙත්තමළුව රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර 20ට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා නෙත්තමළුව කඳු රක්ෂිතයේ දී ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි අනාවරණය වන්නේ. එම ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගින්න පැතිරගොස් තිබෙනවා. අද අලුයම වන විට ගින්න පාලනය කර තිබූ නමුත්, තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ .
ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට කාලගුණ අනතුරු අඟවා තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට ජපානයේ අමාමි ඔෂිමා දූපත අසල සාගරය හරහා ගමන් කරන අතර මෙම සතිය අගදී එය ඉතා ප්‍රබල කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි. සුළගේ වේගය පැයට කිලෝමීටර් 162 දක්වා විය හැකි අතර, සුළි කුණාටුව ජපානය හරහා අතිශය තද සුළං ගෙන එනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ. ජපානයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 300 සිට 400 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි සදහන් කරන්නේ. තද සුළං, අධික රළ සහ අධික වර්ෂාපතනය සඳහා සූදානම් වන ලෙස ජපානයේ කාලගුණ ඒජන්සිය එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව සුභ දායක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජන රැලියකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ. දිවයිනේ ක්ෂේත්‍ර රැසක පුද්ගලයින් සදහා ඉන්ධන සහනාධාර ලබා දීමට පියවර ගන්නා බව සමග්හි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ජන හමුවකට එක් වෙමින්. මෙරට ඉතිහාසයේ පැවති දේශපාලන සිතියම මෙවර ජනාධිපතිවරණයේදී වෙනස් වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ජන රැලියකට එක් වෙමින්. හිටපු ජනාධිපති මහිඔන්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තමා විසින් ක්‍රියාත්මක…
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සදහායි. ඒ අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා. පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පවරා තිබෙනවා.
ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සුර්යා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට සැප්තැම්බර් මස 06 දක්වා මෙලෙස පවතිනු ඇති. එබැවින් අද දහවල් 12 පසුවී මිනිත්තු 11ක් ගතවූ පසු ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතීන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. මේ අතර ඉදිරි පැය 36ක කාලය සඳහා බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි වනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222