Author: Kesara Athipola

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කරව් තිබෙනවා. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිතයි. එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

තව කියවන්​න

පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ට සහ ගාල්ල, මාතර, පුත්තලම ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බවයි පවසන්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම සැප්තැම්බර් මස 06 දක්වා ,ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහලින් සූර්යයා සෘජුවම පවතින බැවින් අද දින දහවල් 12:10 ට වවුනියාව, වන්නමෝඩෙයි, අනල්කඩ්ඩි මඩි සහ පෙරිය පණ්ඩි රිච්චාන් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්…

තව කියවන්​න

ජපානයට බලපා ඇති ෂැන්ෂාන් සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හතරදෙනෙකු මියගොස් තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සුළි කුණාටුවේ බලපෑමෙන් ගත වු පැය 24 තුළ මිලි මීටර 600කට අධික වර්ෂාපතනයක් කියුෂු දූපතට ඇද හැලී තිබෙනවා.

තව කියවන්​න

ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/ ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්. ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ.

තව කියවන්​න

එක්සත් ජනපදයේ අධ්‍යයනයකින් ප්‍රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය, බියජනක, කම්පන සහගත සහ තැති ගන්වන සුලු ලෙසයි විදෙස් මාධ්‍යවල විස්තර කර ඇත්තේ. පානීය ජලය සහ එදිනෙදා ආහාර ද්‍රව්‍ය බොහෝමයක් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වාර්තා වී ඇති අතර මිනිසුන් විසින් නිරන්තරයෙන් ඒ සදහා නිරාවරණය වන බවයි පැවසෙන්නේ. සාමාන්‍ය මරණ පරීක්ෂණ වලින් මියගිය පිරිමි සහ ගැහැණු සාම්පල 51 ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අධ්‍යයනයෙන් සොයා බලා තිබෙනවා. ඒ සඳහා අක්මාව, වකුගඩු සහ මොළයෙන් සාම්පල ලබාගෙන ඇති බව සඳහන්.

තව කියවන්​න

සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අද වයිනයට පැමිණ තිබෙනවා. ඔහු සමග තවත් කිහිපදෙනෙක්ද දිවයිනට පැමිණි ඇති බවයි ගුවන් තොටුපොළ සදහන් කරන්නේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම ධුත පිරිස පිළගෙන තිබෙනවා. දිවයිනට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා යළි හෙට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

තව කියවන්​න

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මේ අතර, ඊයේ එම ඝාතනයට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

29 හැවිරිදි මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් නම් පුද්ගලයෙකුට පුද්ග­ල­ය­කුට ඔස්ට්‍රේ­ලි­යානු අධි­ක­ර­ණ­ය­කින් වසර 17ක සිරදඬු­වම් නියම කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අති­ශය ජන­ප්‍රිය තරුණ යූ ටියු­බ්ක­රු­වකු ලෙස පෙනී සිටි­මින් කැම­රාව ඉදි­රියේ ලිංගික ක්‍රියා­කා­ර­කම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණ­නා­වක තරු­ණි­යන් බිය ගැන්වීමේ වරදටයි. සුප්‍රසිද්ධ යොවුන් වියේ යූ ටියුබ්කරුවෙකු ලෙස පෙනී සිටි රෂීඩ්, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20කින් වින්දිතයන් 286ක් සම්බන්ධ චෝදනා 119ක් පිළිගෙන තිබෙනවා.

තව කියවන්​න

ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. පොනදුර පින්වත්ත ප්‍රදේශයේ දීයි වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

තව කියවන්​න

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ පැවති ජන රැළියට එක්වුණා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවයි.

තව කියවන්​න