- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: Kesara Athipola
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…
සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ පසුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම නිසිපරිදි සිදු කරනු ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ කිසියම් සන්දේශයක් සිය ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදා හැරීමට අවස්ථාව සළසා දී තිබෙනවා. මැතිවරණ පනත ප්‍රකාරව එය සිදු වන අතර එක් අපේක්ෂකයෙකුට එලෙස සංදේශ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ යොමු කළ හැක්කේ, එක් ඡන්ද දායකයෙකු සඳහා පමණයි.
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමුකල හැකි කාලය අද දින අවසන්වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම සංවිධානය නිවේදනය කළේ මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත බවයි. එහි පළමු අදියර එළඹෙන 07 වනදා පැවැත්වෙනු ඇති අතර දෙවන අදියර 8 වනදාද තෙවන අදියර 09 වනදාද පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපති ධුර අපේක්ෂකයින් බොහෝ දෙනෙකු මීට සහභාගීවීමට නියමිතව ඇති බව සදහන්. එම විවාදයේදී ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න යොමුකිරීමට මහජනතාවටද අවස්ථාව ලබාදී ඇති අතර එලෙස ප්‍රශ්න යොමුකරන ප්‍රශ්න භාරගැනීම අද දිනයෙන් අවසන් කිරීමට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගැලීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව ජල ගැලීමෙන් පීඩාවට පත් වී තිබෙනවා. එසේ පිටාර ගැලූ ‘විශ්වමිත්‍රි’ නදියේ ජීවත්වන කිඹුලන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ගම්මානවල නිවෙස්වලට ඇතුල් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එම කිඹුලන් ඉවත් කිරීමට ගම්වැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර, ගුජරාට් වනජීවී නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන්, එම කටයුතු සිදු කරණ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුකළ වැටලීමක දී චෙන්නායි දකුණු පොතෙරි ප්‍රදේශයේ මෝටර් රථයක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලා. එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 130ක් සොයාගෙන තිබෙනවා අදාළ මත්ද්‍රව්‍ය තොගය රාමේශ්වරම් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සූදානම් කර තිබූ බවයි ඉන්දීය ආරක්ෂක අංශ පවසන්නේ. වැටලීමේ දී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් එම පිරිස අතර මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය සැපයූ පුද්ගලයා…
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා. කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවලට බාධා වීම මත පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී තිබෙනවා. එමෙන්ම එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි නිෂ්පාදනයද සියයට 33.8 කින්, පොල් නිෂ්පාදනය සියයට 0.5න් පහත වැටී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ. තේ නිෂ්පාදනය සියයට 7.4 කින් පහත වැටී ඇති අතර, දේශීය රබර් නිෂ්පාදනය සියයට 27කින් අඩුවී තිබෙනවා.
ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සහනාධාර ලබා දෙන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හම්බන්තොට පැවති ජන රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. උක් වගාව වෙනුවෙන් පොහොර සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සදහා සහය දැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාට සිය ස්තුතිය පලකළා. මෙහිදී අදහස් දැක්වු ඉන්දීය ආරක්ෂක උපදේශවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට දිගු කාලීනව දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවයි. ඒ අනුව අතිරික්ත විදුලිය ඉන්දියාවට ලබා දී විශාල මුල්‍ය ප්‍රතිලාභ ලබා ගතහැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව සදහන්. එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් සහ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය…
ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මැතිවරණ කටයුතු සදහා පොලිස් නිලධාරීන් 54000ක් පමණ යොදවා ඇති බවයි. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සදහා නිලධාරීන් 13000ක් යොදවා ඇති අතර ජංගම රථ 3200ක් අදාළ කාල සීමාව තුළ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ රැස්වීම් සදහා ද විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222