Author: Kesara Athipola

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට ,අනිද්දා සහ ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ රක්ෂිත පැකට්ටු බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා. මෙහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල , මැතිවරණ කාර්යාලවල සහ පොලිසි වල නිලධාරීන්ට හෙට දිනයේදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ. සෙසු රාජ්‍ය ආයතන නිලධාරීන්ට ලබන 5 සහ 6 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට අතපසු වන පුද්ගලයන් සදහා ලබන 11 සහ 12 යන දින දෙකේදී තම සේවාස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය භාවිතා කල හැකි වනවා. මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින…

තව කියවන්​න

දෙපිරිසක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකල පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එහිදී පහර කෑමට ලක් වූ පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය පවසනවා. මෙම සිදුවීම කාටුකුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම ගැටුමෙන් තානයම්කුලම, අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම්. ලොක්කා හෙවත් සුමේධ හේරත් නැමති (37) හැවිරිදි අයෙක් මියගොස් තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරැවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශණ ආරම්භ කොට තිබෙනවා.

තව කියවන්​න

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම අද දහවල් 12:09ට මීගමුව, ගම්පොළ, බිබිල…

තව කියවන්​න

සැමියකු විසින් සිය බිරිඳට තිවුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරිමෙන් පසුව ඔහු පොලිසියට භාර වී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 43ක්වන දිවුරුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පසුව අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

158 වන පොලිස් දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවේ, 1866 සැප්තැම්බර් මස 3 වනදායි. අදට යෙදී තිබෙන පොලිස් දිනය වෙනුවෙන් ආගමික සහ සමාජ සේවා කටයුතු වලට මුල් තැන දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව අද දිනයට සමගාමිව සර්ව ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් ඊශ්‍රායල ජනතාව රට පුරා වීථි බැස විරෝධය දක්වමින් සිටිනවා. හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ජනතාව වීථි බැස ඇත්තේ. විරෝධතාකරුවන් බොහෝ පිරිසක් ඊශ්‍රායල ධජවලින් සැරසී – ටෙල් අවිව්, ජෙරුසලම සහ අනෙකුත් නගරවලට රැස්වී සිටින අතර, ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය පැහැරගත් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවටයි ඔවුන් ඊශ්‍රායල රජයට චෝදනා කරන්නේ.

තව කියවන්​න

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකට පැන භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. එහිදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි සැකකරු වයස අවුරුදු 13 සිට දේපොළ කොල්ලකෑමට පුරුදුව සිටි පුද්ගලයෙකු බවත්, දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් වසර 13ක සිර දඬුවමක් විඳ පැමිණි අයෙකු බවත් පොලිසිය පවසනවා. මෙලෙස කොල්ලකා ඇත්තේ දිවයිනේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකට අයත් නිවසකටයි. දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති ‘රාජු භායි මිහිරාත්‘ නමින් හඳුන්වන මෙම සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුරුඳුවත්ත පොලිසියට භාරදී තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කන්ඩායම සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය , තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමටයි එංගලන්ත කණ්ඩායමට හැකි වුනේ. ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 483 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292 ක් පමණයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 58 ක්, දිමුත්…

තව කියවන්​න

වෘක ප්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහරයිච් දිස්ත්‍රික්කයේයි මෙම වෘක ප්‍රහාර සිදුව ඇත්තේ. කුඩා ළමුන් 7 දෙනෙකු හා කාන්තාවක් පසුගිය මාස දෙක තුළ දී මෙලෙස වෘකයින්ට ගොදුරු වී තිබෙනවා. වෘක ප්‍රහාරයන්ට කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල වැඩි අවදානයක් යොමුව තිබෙනවා. මිය ගිය කුඩා දරුවන් වයස අවුරුදු 3 / 6 හා 9 යන වයස්වල පසුවු බවයි වාර්තා වන්නේ. රා ත්‍රී කාලයේ දී එළිමහනේ නිදා ගැනීමෙන් වළකින ලෙසයි එම ප්‍රාන්තයේ පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම කුඩා දරුවන් , කාන්තාවන් හා වයස්ගත පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ද ඔවුන්…

තව කියවන්​න

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සිදු කරනේද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ විශේෂ සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ වසර ගණනාවත් පුරා මිල සූත්‍රයක් යටතේ බස් ගාස්තු තීරණය කරන බවත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව එහිදී ක්‍රියා කරන බවයි. එම නිසා ඉන්ධන මිලේ සිදු වූ රුපියල් 10ක වෙනස, සියයට 4ක ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ඔහු ප්‍රකාශ කළා.

තව කියවන්​න