- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: Kesara Athipola
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ආරම්භ වනවා . ඒ අනුව හෙට සහ අනිද්දා යන දිනවලදී ද ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල , මැතිවරණ කාර්යාලවල සහ පොලිසි වල නිලධාරීන්ට අද දිනයේදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ. සෙසු රාජ්‍ය ආයතන නිලධාරීන්ට හෙට සහ අනිද්දා දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට අතපසු වන පුද්ගලයන් සදහා ලබන 11 සහ 12 යන දින දෙකේදී තම සේවාස්ථානය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය භාවිතා කල හැකි වනවා. මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හත් ලක්ෂ…
ධීවරයින් 07 දෙනෙකු සමග ගමන් කරමින් සිටි ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සැතපුම් 270ක් දුරින් නෞකාවක ගැටී අනතුරට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ධීවරයින් තිදෙනෙකු අතුරදන්ව තිබෙනවා. එසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 28,43 හා 52 යන වයස් වල පසුවන අහුන්ගල්ල සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. අතුරුදන් වුවන් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධිවරයින් සිවු දෙනා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා ගාල්ල වරාය හා නාවික හමුදාව මේ පිලිබදව වැඩි දුර විමර්ශන කරනු ලබනවා.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලේ අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවටයි. බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත්, එතුලින් රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට ඉඩ සැලසෙන බව ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.
09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කරුණාරත්න පරණවිතාන මහතා ,කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දී තිබෙනවා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කරන අතරයි ඔහු මේ බව කියා සිටියේ. විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.
මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ආලයඩි හැරෙන හන්දියේ සිදුවුණු මාරක රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු ව අත්තේ යතුරුපැදියේ ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ට්‍රැක්ටර් රථයේ පිටුපස ගැටීමෙන්. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා එරාවූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනඅතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 36ක් වූ සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සදහන් කලේ.
රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ජල පිරිපහදු යන්ත්‍රයකට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයකට මෙලෙස පහර දී ඇති බවයි . එමෙන්ම පාසල් දෙකකට සහ විශ්වවිද්‍යාලයකට ද එම ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙනවා . යුක්රේන ගුවන් හමුදාව විසින් කෲස් සහ ගුවන් බැලිස්ටික් මිසයිල 22 ක් විනාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එරට ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ විනාශ වූ මිසයිලවල සුන්බුන් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධානය කර ඇති විවාදය සදහා ජනාධිපති අපේක්ෂකයින් 16 දෙනෙකු සිය එකඟතාව පල කර තිබෙනවා. කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මෙම විවාදයට එක්වන බවට මේ වන තෙක් දැනුම් දීමක් සිදු කර නැහැ. මේ පිලිබදව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අදහස් පල කළා. මේ අතර ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරනවා. ඒ පිළිබඳ ඊයේ දිනයේදී ඔහු විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටයි කටයුතු කලේ.
පාර්ලිමේන්තුව අද සහ හෙට යන දිනවලදී රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබුනා. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වනු ඇති. එහිදී පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත , අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට නියමිතයි.
ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප ඉහල දැමීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අවමය සියයට 24 සිට සියයට 50 ක් දක්වා අගයකින් මුලික වැටුප් ඉහළ දැමීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කලේ නිවේදනයක් නිකුත් කරමින් . රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර 16 ක් සදහා මෙලෙස වැටුප් ඉහල දැමීම සිදු වනු ඇති. මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද අනුමැතිය ලැබී තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට වැටුප් ඉහල දැමීමට පියවර ගෙන ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222