- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: Kesara Athipola
දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු කාන්තාවක් පරික්ෂ කිරීමේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62 ක් සිය සන්තකයේ තබගෙන් සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එම සැකකාරිය වයස අවුරුදු 44ක් වන හේනේගම,අකුරැස්ස ප්‍රදේශයේ පදින්චි කාරනියක් බවයි පොලිසිය පැවසුවේ. මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මාන්කුලම් ප්‍රදේශයේ දෙවන කොටසේ රක්ෂිත ප්‍රදේශයක බිම් බෝම්බ නිෂ්ක්‍රිය කරමින් සිටි පිරිසක් එහි තිබු බිම් බෝම්බයක් සක්‍රිය වීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල, ලබා ඇත්තේ බෝමබ් ඉවත් කිරීමේ රාජ්‍ය නොවන ආයතනයකට අනුයුක්තව සේවය කළ කාන්තාවක් සිව්දෙනෙකු සහ එක පිරිමි පුද්ගලයෙක් බවයි මාන්කුලම පොලිසිය පවසන්නේ. මෙම බෝම්බය යුධ සමයේ වළ දමා තිබු එකක් බවයි පොලිසිය සැකපළ කරන්නේ තුවාලකරුවන් තිදෙනෙකු බරපල තත්වයෙන් පසුවන අතර, ඔවුන්වැඩිදුර ප්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ද වැඩිදුර විමර්ශන මාන්කුලම පොලිසිය විසින් සිදුකරනු ලබයි.
විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ. ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇත. අද (04) උදෑසන මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් මෙම එන්තරවාසිය යවා ඇත. හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා…
පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දෙරට අතර රාවල්පින්ඩිහී දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් බංගලාදේශය කඩුලු හයක ජයක් වාර්තා කිරීම හේතුවෙන්. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් පළමු වරට පාකිස්තානය පරදා ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය ලැබූ සිය පළමු ටෙස්ට් තරග ජය ද ඔවුන් වාර්තා කළේ මෙම තරගාවලියේ පළමු තරගයේ දීයි. තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා…
යුක්රේනයේ පොල්ටාවා නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බවයි. එමෙන්ම 219 දෙනෙකු තුවාල ලබා ඇති බව ද යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එමෙන්ම අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පවසන්නේ18 දෙනෙකු තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි.
2024 වර්ෂයේ පැවතී 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි. මේ පිළිබද විමසීම් 1911 යන ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 784 208 / 011 2 784 537 සහ 011 2 785 922 යන අංක ඔස්සේ සිදු කල හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. එමෙන්ම දිවයින තුල හමනා සුළගේ වේගය පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව ප්‍රකාශ කළා.
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කීපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් අදාළ වංචාව සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කලේ. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරික්ෂාවන්ට ලක් වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය බවයි. ඒ අනුව ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන මෙන් මහජනතාවගෙන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ඉතාලි ජාතික සංචාරකන් දෙදෙනෙකුට තිස්සමහාරාම අධිකරණය විසින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා යාල ජාතික වනෝද්‍යානයේ රක්ෂිත ප්‍රදේශයකදී බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට උත්සහ කිරීම හේතුවෙන් . මෙම දඩ මුදල නියම කර ඇත්තේ වයස අවුරුදු 58ක් සහ වයස අවුරුදු 28 ක් වන පිය පුතු දෙපළකටයි. එය තිස්සමහාරාම අධිකරණය තුළ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බවට පැවසෙනවා. ඒ අනූව ලබන 29 වැනිදා දඩ මුදල ගෙවන ලෙසයි ඔවුන්ට නියෝග කර ඇත්තේ. දඩ මුදල ගෙවන තෙක් ඔවුන්ට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද අධිකරණය විසින් දැනුම් දී…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,098 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගතවූ පැය 24 ක් කාලය තුල දී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව129ක්. ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 754 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1 266 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. ඉන් පැමිණිලි 2020 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා. මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 14ක් සහ වෙනත් පැමිණිලි 64ක් ලැබී තිබුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222