Author: Kesara Athipola

තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම යනු දුප්පත්කම තුරන් කිරිමට ඇති හොඳම මාර්ගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැලක් වීමට නව ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ උතුරේ පැවති ජනරැලියකට එක්වෙමින්. පවුල් දේශපාලනය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මගින් රටින් තුරන් කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා.

තව කියවන්​න

පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා. රළ පහරට හසුවීමෙන් අනතුරුව ඔහුව අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්. මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුනා. එහිදී පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් තරුණයෙකු බේරා ගැනීමටයි සමත් වුනේ. බේරාගත් තරුණයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි ඇති විය හැකි බවද සඳහන්.

තව කියවන්​න

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා. කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්‘ ලෙසයි විද්‍යාඥයින් විසින් හඳුන්වාදෙන්නේ. චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කල 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබෙනවා. පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

තව කියවන්​න

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගු ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 මිලිගෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පොරදෙශවල පදිංචි කරුවන්.

තව කියවන්​න

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසනවා . ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් සදහා මෙලෙස උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු විවෘත කල අතර ජනතාවට අවධානයෙන් පසුවන් ලෙසටයි දැනුම් දෙන්නේ. නමුත් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව හරහා ගමන් කිරීමට මින් බලපෑමක් ඇති නොවන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කලා.

තව කියවන්​න

සියලු ජාතීන් නියෝජනය වන රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ රට තුළ ජාතිවාදයට ඉඩක් නොදෙන බවයි. එක් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයට නොහැකි වී ඇති බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්. ජනතාවාදි යුගයක් ගොඩනැගිම වෙනුවෙන් කැපවන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කිය සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබි ඇති බලතල මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ,වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාව මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාව ද රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව අද දිනයේදීද රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමය අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කෙසේවෙතත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා ලබා දී ඇති කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම සූර්යයා ඉහලින් පවතියි. අද දහවල් 12:08ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට හිරු මුදුන්ව…

තව කියවන්​න