- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
Author: Kesara Athipola
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාතවරයා මේ බව සදහන් කලේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්. ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නව විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණා.
ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. මේ අතර, ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයේත්, නවසීලන්තය තෙවන ස්ථානයේත් පසුවෙනවා. ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ සිව්වන ස්ථානය ලබාගෙන ඇත්තේ බංග්ලාදේශයයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම හේතුවෙන් , බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා. රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ පිළිබඳ දැනුම් දෙනු ලැබුවා.
වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වෙනවා. යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයවන කිරීමේ අරමුනෙන් වාහනවල අලවා ඇති ස්ටිකර් මෙලෙස වහාම ඉවත් කරන ලෙසයි මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ.
ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර විශේෂ දිනයක් ලෙස 08 වනදා ප්‍රකාශයට පත්කර තිබුනා.
විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ” හෙවත් ”මන්කි පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මෙම ආසාධිතයා මන්කි පොක්ස් පවතින රටවල සිට ඉන්දියාව පැමිණි අයෙකු වන අතර මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා. එමෙන්ම එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බව ඉන්දිය සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත සදහන් කලා.
වසරේ මාස අටක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්ව්වැනි දිනය අදයි. සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 219 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94 ක්. ඒ අනුව ඔවුන් ජයග්‍රහනය සදහා තවත් ලකුණු 125 ක් ලබා ගත යුතු වනවා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 39 දී දිමුත් කරුණාරත්න ලකුණු 8 කට දැවී ගියා. එහිදී දිමුත් කරුනාරත්න ටෙස්ට් ලකුණු 7,000 සීමාව පසු කල අතර, එම සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ. ඔහුගේ දැවී යාමෙන්…
සිය හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වනවා. ඇමෙරිකා සෙබලුන් මෙලෙස ඉරාකයෙන් ඉවත්කර ගැනීමට තීරණය කර ඇත්තේ ඇමෙරිකාව හා ඉරාකය අතර එළඹි එකඟතාවයකට අනුවයි ඇමෙරිකා සෙබලුන් මෙන්ම ඉරාකයේ සේවයේ නියුතු අනෙකුත් බටහිර රටවල හමුදා කණ්ඩයන් ඉවත් කර ගැනීම ද මේ හරහා සිදුකිරීමට නියමිතයි. ලබන 2025 වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඉරාකයේ සේවයේ නියුතු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සෙබලුන් සිය ගණනක් ඉවත්කර ගනු ගැනීමටයි සෙලසුම් කර ඇත්තේ 2026 වසර අවසානය වනවිට ඉරාකයෙන් සියලු විදෙස් හමුදා ඉවත් කර ගැනීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222