- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ඇලස්කාවේ කානිවල් සප්රිට් නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කට්ටියක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම සිද්ධියෙන් නෞකාවේ සිටි කිසිවකුටත් මෙන්ම නෞකාවට ද කිසිදු හානියක් සිදුවී නොමැත. නෞකාවේ බඳට හානියක් සිදුවී නොමැති බවට එහිදී තීරණය කර ඇති අතර, පසුව මෙහෙයුම් කටයුතු වලට කිසිදු බලපෑමක් නොවීමට වගබලා ගනිමින් යාත්‍රාව දිගටම ධාවනය කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන ආ මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා. එම සිසුන් සවස් කාලයේ උපකාරක පන්ති අවසන් වීමෙන් පසුව මත්පැන් බෝතලය පානය කොට ඇති අතර ඉන් ස්වල්ප වේලාවකින් සිසුන් හතර දෙනාම අසාධ්‍ය වී මාර්ගය අසල සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද සිට වසා දැමෙනු ඇති. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය අනිද්දා දිනයේ සිට වසා දැමෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක මහතා සදහන් කලේ . එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබීමට තීරණය කර තිබෙනවා. එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනු ඇති. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා…
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා ඒ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සදහයි එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 65ක් දක්වා වැඩි වන අතර මේ පිළිබඳන අවධානය යොමුකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ගෙන් කාලගුණවිද්‍යා…
ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක හානි සිදුවීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදයට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. එමෙන්ම දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන ඒ මහතා 66 වියේ පසුවූවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෑ අහසේ, අනන්තයට යනවාමයි, සැනසෙන්නම් මා වැනි ජනප්‍රිය ගීත රැසක් ඒ මහතා විසින් ගායන කරන ලදී.
දුම්මලදෙණිය ප්‍රදේශයේ අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා. මෙලස අනතුරට ලක්ව ඇත්තේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ. එම අනතුරින් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි පොලිසිය වැඩිදුරත් සඳහන් කලේ.
මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනු ලබනවා. එම සංගමයේ සභාපති සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ආරම්භ කළ නව වැඩපිළිවෙල තුළින් රුපියල් බිලියන 16ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතිරි වන බවයි. රවී කුමුදේශ් මහතා ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.
මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා. ඒ ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මගින්. රටේ සමස්ත පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා. පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත පවුල් සියයට 17 ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී එය සියයට 24 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ සදහන්. සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බවද එම වාර්තාවේ සදහන්ව තිබෙනවා.
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.එම පාසල් නැවතත් ලබන 23 වන දා ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් මස 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට භාරදිය යුතු වනවා. මිට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් මැතිවරණ කොමිසම විසින් නිකුත් කල ලේඛනයේ සඳහන් පරිදී අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇති. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222