- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
අද දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇත වනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40 ත් 45 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ‘ නමැති ඇතින්න හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර දීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එම ඇතින්න මිය යන විට අවුරුදු තිහක් පමණ වූ බවයි පොලිසි ය පවසන්නේ.
කන්කසන්තුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ආපසු නිවසට එමින් සිටි යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයා විසින් පොලිසියට ලබා දී ඇති විස්තර හා තොරතුරු වලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට
ආයුෂ්මාන් භාරත් ජාතික රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට සහ වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා. මේ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5කට මෙසේ ප්රතිලාභ ලබා දෙන බවයි එරට මධ්‍යම කැබිනට් මණ්ඩලය සඳහන් කර ඇත්තේ. මෙම අනුමැතිය අනුව, වයස අවුරුදු 70 සහ ඊට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නොසලකා අදාළ සෞඛ්‍ය ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,207ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙම පැමිණිලි වලින් 3,305ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව ලබන 15 වනදා එම විභාගය පවත්වා අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මකයි. එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබා ගැනීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ.
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා. කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසය සමඟ සැසදීමේදී එය සියයට 11 ක ඉහළ යෑමක් බවයි. එමෙන්ම මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් විසින් ඩොලර් මිලියන 4 288ක මුදලක් මෙරටට එවා තිබෙනවා.
අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා නිවේදනය කළේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස විශේෂ රාජ්‍ය සමාව පිරිනැමෙන බවයි. ඒ අනුව, සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු අද දිනයේදී නිදහස් කිරීමට නියමිතයි. මේ අතර සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා අද දිනයේදී විශේෂ අවස්ථාවක් ලබාදීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දිනය තුළද අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද දිනය තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්ද දායකයින්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමට හැකියාව පවතිනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222