Author: Kesara Athipola

15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාල ප්‍රශ්න පත්‍රය මෙලෙස පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. එමෙන්ම, අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් මාධ්‍ය වෙත යොමු කර ඇති බවට දෙමාපියන් චෝදනා කළා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද පරීක්ෂණයක් පවත්වන බව කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසනවා.

තව කියවන්​න

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසනවා. පොලීසිය සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බවත් පොලීසිය පවසනවා. මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදා හැරීමෙන් වළකින ලෙස…

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත ඡන්ද පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන්කර තිබෙනවා. ඒ අනුව දාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති. ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති වන අතර වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයෙ ්බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන…

තව කියවන්​න

පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර , මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක් අගෝස්තු මස 7 වැනිදා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා මෙය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමග මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා පෘථිවිය වටා ගමන් ගන්නා බව ද නාසා ආයතනය ප්‍රකාශ කළා. මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවිය වටා මෙම ග්‍රාහකය ගමන් ගත්ත ද එය සම්පූර්ණ පෘථිවි කක්ෂය වටා ගමන් නොකරන බැවින්, නොවැම්බර් 25 වැනිදායින් පසු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී 2024ඡඔ5 ග්‍රාහකය නැවත සූර්යා වටා කක්ෂගත වන බවයි නාසා ආයතනය පේනවා දෙන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ ආකාරයට ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය නිමවන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක්.

තව කියවන්​න

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ නමුත් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවන්නේ . ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකුව පොලිස් භාරයට ගෙන තිබෙනවා මෙම සිදුවීමෙන් පසුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිසිවිටෙකත් නතර නොකරන බවයි .

තව කියවන්​න

රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය් බලකාය එක්වයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

තව කියවන්​න

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි. මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය ප්‍රකාශ කළා.

තව කියවන්​න

ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් දෙකක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න