- සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන දැඩි තීරණයක්
- මර්වින් සිල්වාට ඇප
- ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද
- වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
- වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
- ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා
- කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර
- E-8 වීසා ගැන අලුත් ආරංචියක්
Author: Kesara Athipola
වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් තෝරාගත් වකුගඩු රෝගීන් 47,244ක් මේ වන විටත් එම දීමනාව ලබා සිටින බවද එම අමාත්‍යංශය සදහන් කළා. එමෙන්ම වකුගඩු රෝගී දීමනාව අතිහිටුවා ඇතැයි කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔවුන් සදහන් කළේ.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි නිකුත් කර ඇත්තේ. පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි හෙට සිට වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවයි.
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසූවේ වියදම් අවම කර ගනිමින් රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි මෙම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි. මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙවර නිදහස් උත්සවය සඳහා 1 600 ක පමණ ආරාධිතයින් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි. නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීම එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැත්වු අතර එහිදී අදාළ තීරණ ගෙන තිබෙනවා.
ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිතව අද ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2025 නව වසර උදාව නිමිත්තනේ මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කලේ. ඒ අනුව ගාලු මැද පාරේ පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙනු ඇති. සියලුම රථවාහන නිදහස් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතන ඊයේ සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කලේ. පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලුවලින් සහ ගල්වලින් පහරදී ඝාතනය කර තිබුණා. එලෙස මියගොස් ඇත්තේ, ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර මදුරන්කුලිය පොලිස් වසමේ කඩයාමට්ට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, කඩයාමට්ට, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක්.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ යූ ටියුබ් නාළිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුනා.
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ පිළිබදව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ . ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වනවා.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වු දක්ෂතා මතයි. අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ මෙතෙක් පෙරමුණේ සිටි එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් එහි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයට අනුව නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිදු මෙන්ඩිස් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222