Author: Kesara Athipola

මුලතිව් කයිවේලී පාසලේ විදුලි පංකා ගලවා ගෙන ගොස් විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබියදී පුදුකුඩීඉරිප්පු පොලිසිය එම සැකකරු හා විදුලි පංකා මිලට ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් පාසලේ ගොඩනැගිලි 03 ක තිබූ විදුලි පංකා 12ක් ගලවා ගෙන ගොස් වරින් වර ඒවා අලෙවි කර, එම මුදලෙන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා. සැකකරුවන් තිදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

තව කියවන්​න

අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබෙනවා. තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට දැඩි හිංසන සිදුකරනු ලබනවා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ සංචාරක මර්මස්ථානයක් වන කොක්ස් බසාර් කලාපය තුලයි.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 97ක් පමණ බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා . නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 3 වන දින ආරම්භ කළ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පසුගිය 14 වනදායින් අවසන් වූ බවයි . කෙසේවෙතත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයෙකු ඇත්නම් හෙට සිට මැතිවරණ දිනය තෙක් තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එම පත්‍රිකා ලබාගත හැකි බවයි රාජිත රණසිංහ මහතා සඳහන් කලේ .

තව කියවන්​න

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 1,379 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 3,032 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සමස්ත පැමිණිලි 4,411 න් 3,828 ක් ම මේ වනාවිට විසඳා ඇති බවද සදහන්.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති. ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වනවා. නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතයි.

තව කියවන්​න

ගජමුතු සහ මුතු ඇට විකිනීමට තැත්කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ඊයේ සවස් කාලයේදී ලද තොරතුරකට අනුවයි. එම වැටලීමේදී ගජමුතු 02ක් හා මුතු ඇට 171 සොයාගත් අතර එම තොගය රුපියල් ලක්ෂ 60ට අධික මුදලකට විකිනීමට සුදානම් කරගෙන් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ,38,39, සහ 43 වයස් වල පසුවන ගුන්නෑපාන ,යාල්වෙල ,කොත්මලේ හා රිකිල්ලගස්කඩ ප්‍රදේශවල පදිංචිකරුවන බවයි මාතලේ පොලිසිය පැවසුවේ.

තව කියවන්​න

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිල තේමා ගීතයක් නිකුත් කර තිබෙනවා. එය ඊයේ පස්වරුවේ යූටියුබ් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ. ස්කොට්ලන්ත ජාතික ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු වන ලෝරන් බැල්ෆි විසින් මෙම නිල තේමා ගීතය සකස්කර තිබෙනවා. මෙය අයි.සී.සී ලෝක කුසලාන ඉසව් සදහා නව ශබ්ද අනන්‍යතාවය ලෙස ඉදිරියේදී යොදා ගනු ඇති.

තව කියවන්​න

ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ගාසා තීරයේ ආධාර හා ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන සිග්රිඩ් කාග් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බවයි. ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉතා ඛේදනීය වාර්තාවක් බවයි දැක්වෙන්නේ. ගාසා තීරයේ තත්ත්වය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිළධාරිනිය වැඩිදුරත් පේනවා දෙනවා. මේ වන විට ගැටුම් හේතුවෙන් ගාසා හි පුද්ගලයන් 41 206 දෙනෙකු මියගොස් තවත් 95 337 දෙනෙකු තුවාල ලබා ඇති බවයි…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකියි .

තව කියවන්​න

ෆෙස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් ඊයේ දියත්කළ ඒකාබද්ධ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත නගරයේ හෝටලයක එම ෆෙස්බුක් සාදය සංවිධානය කර තිබු අතර . එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයන් හා තරුණියන්ද එක්ව සිටි බව වාර්තා වන්නේ එසේ සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තරුණයන් අයිස් හා කොකේන් යන මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට කරුණු අනාවරණය වී තිබුනා . අත්අඩංගුවට ගත් තරුණයින් වයස අවුරුදු 19ත් 30ත් අතර…

තව කියවන්​න