Author: Kesara Athipola

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්චාවක් ඊයේ දිනයේදී විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වුණා ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ ප්‍රභලයින් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ . සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නව ජනාධිපතිවරයාට සුභ පැතුම් එක් කළා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ නව ජනාධිපතිවරයා පැවසු කාර්යන් ඉටු කිරීමට නිශ්චිත කාලයක් ලබා දිය යුතු බවයි. මැතිවරණ සමයේදී සිදුකල ප්‍රකාශ මගින් අනෙකුත් අපේක්ෂකයින් කුමන හෝ අපහසුතාවයකට පත්වුයේ නම් ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ දිනයේදී දක්නට ලැබුණා. එහි දැක්වෙන්නේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 130 යි දශම 30කින් ඉහළ ගොස් ඇති බවයි. ඊයේ දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096 යි දශම 81ක් වශයෙන්. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසයි.

තව කියවන්​න

පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින්. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් මෙම මන්ත්‍රීධුරය පුරප්පාඩු වුණා. ඒ අනුව 2020 මහ මැතිවරණයේ මනාප ලැයිස්තුව සැලකිල්ලට ගනිමින් මෙලෙස ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා පත්කර තිබෙනවා. 2020 මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මනාප ඡන්ද 13, 384ක් හිමිකරගෙන තිබුනා.

තව කියවන්​න

විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙකු වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර විත්තිකරු අධිකරණය මගහැර රටින් පිටව ගොස් ඇති බැවින් විත්තිකරු නොමැති අවස්ථාවක අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගය සිදු කර තිබුණා.

තව කියවන්​න

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ දී තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ලිපි නිකුත් කර තිබුනා. අනුර කුමාර දිසානායක මහතා ඊයේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ආණ්ඩුකාරවරු මෙම තීරණය ගෙන තිබෙනවා.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැස්වීම් අද පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ කොළඹ නගරය, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් බවයි වාර්තා වන්නේ. එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කර ගැනීම සදහා පොලීසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු කරන පුද්ගලයන් හට රුපියල් පනස්දහසක දඩයක් සහ මාසයකට නොඅඩු සිර දඬුවමක් ලබා දෙන බවයි. එමෙන්ම නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී අද උදැසන ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා. ඒ, හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේ නමුත් ඇතිව තිබෙන තත්වය ඉතාම ඉක්මනින් පිළිසකර නැවත ධාවනය සදහා සුදානම් කරන බවයි දුමරිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

තව කියවන්​න

දැනට පවතින යුධමය වතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කලා. මේ වනවිටත් මිලියන 12 ක ජනතාවක් එරට සාගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. එරට සිවිල් යුද්ධය හමුවේ මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර මිලියන 9.9ක් පමණ අවතැන් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තව කියවන්​න