Author: Kesara Athipola

නැගෙනහිර මුහුදු තීරයේ පැතිර ඇති ‘ලොඩියා’ නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ දැකගත හැකි මෙම ‘ලොඩියා’ නැමති මත්ස්‍යා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවයි. කුඩා බැලුනයක් ආකාරයට දිස්වන මෙම සත්ත්වයාගේ උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මිනිසාට මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි අතර, ඒ හරහා ස්නායු පද්ධතියට, හෘදය වස්තුවට හා ශ්වසන පද්ධතියට බලපෑම් ඇති විය හැකි…

තව කියවන්​න

අද (15) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මාලිගාකන්ද සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන පොම්පාගාර වෙත විදුලිය සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු වන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ අනුව කොළඹ 01 සිට 04 දක්වාත් කොළඹ 7 සිට 15 දක්වාත් ප්‍රදේශවලට ජලය සැපයීම සීමා කෙරෙනු ඇති අතර අදාළ කාලය තුළ ජලය රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත.

තව කියවන්​න

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි. එමෙන්ම රාජ්‍ය අමාතවරයා සඳහන් කර සිටියේ, සිනොපෙක් සමාගම සමාගම ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ස්ථාපිත කිරීමට සූදානම් බවයි. සිනොපෙක් සමාගම විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) දිනයේදී කොළඹදී සිදු කෙරුණා.

තව කියවන්​න

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී, ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටියේ. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

තව කියවන්​න

නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි මත්ලෝලීන් විසින් කපා දැමීම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. කටුනායක අධිවේගී මාර්ගයේද ඇතැම් ස්ථානවලින් තඹ කම්බි කැපීම හේතුවෙන් රුපියල් මිලියන 270ක පමණ පාඩුවක් රජයට සිදුව ඇති බව, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. රුපියල් බිලියන 50ක වියදමින් ඉදි කෙරුණු නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම, 2021 වසරේ නොවැම්බර් 21 වනදා විවෘත කෙරිණි. කෙසේ වෙතත් පාලම ආශ්‍රිතව ඇති නොයෙකුත් උපාංග, අවට සිටින මත්ලෝලීන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කිරීම හේතුවෙන් මේවන විට එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැතිවිණි. ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම්දී තිබේ. මේ අතර දැනට රෝහල්වල පවතින ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු ඇතුලත් කර යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත. එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

තව කියවන්​න

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වනදා සිට අතුරුදහන්වී ඇති බවට වාර්තා වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලැබූවේ මහනුවර සංචාරක පොලීසිය විසිනි. අද (14) දිනයේ අදාළ විදෙස් ජාතික කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ. මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී මෙම සිරුර හමුවී ඇති බවද වාර්තා වේ. මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට කළ පැමිණිල්ලකට අදාළවයි විමර්ශණ ආරම්භ කර තිබුණේ.

තව කියවන්​න

“දුනුමාලේ සරත්” නමැති අපරාධ කල්ලි සාමාජිකයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ අද (14) උදෑසන ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී දුනුමාලේ ප්‍රදේශයේ දී පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි . වෙඩි තැබීමෙන් “දුනුමාලේ සරත්” නම් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ. “දුනුමාලේ සරත්” නමැති මෙම පුද්ගලයා 2015 වර්ෂයේ දී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළ විත්තිකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙක් වන හසිත් නවරත්න නම් 34 හැවිරිදි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව එරට පොලීසිය සඳහන් කරයි. ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක තිබූ මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හසිත් ශ්‍රි ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකි.

තව කියවන්​න

දින කිහිපයක් රෝගාතුරව ගලෙන්බිදුණු වැව, කිවුලේකඩ වැව් ඉස්මත්තේ වැටී සිටි වන අලියා මිය ගොස් තිබෙනවා. පණ්ඩුලගම පශු වෛද්‍යවරිය ප්‍රකාශ කළේ හක්කපටස් නමැති පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මුඛය තුවාල වී දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් එම අලියා මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇති අවුරුදු 15ත් 20ත් අතර වයසේ පසු වූ වන අලියා කිවුලේකඩ ඇතුළු ගම්මාන රැසක වගාවන්ට හානි සිදු කිරීම හේතුවෙන් හක්කපටස් ආහාරයට ලබා දී ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, වගාවන්ට කුමන හානි සිදු කළ ද වන අලියෙකු ඝාතනය කිරීම අනුමත කල නොහැකි බවයි.

තව කියවන්​න