Author: Kesara Athipola

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණ තිබුණා. ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හයාෂි යෝෂිමාසා ඇතුළු ජපාන දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයේ නිරත වනවා. ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.

තව කියවන්​න

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ අද උදෑසන මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. අදාළ භූ කම්පනය රික්ටර් මාපකාංක 5.8 කින් යුත් අතර පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යවරයා පැවසුවේ උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බවයි මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර මහතා සදහන් කළා.

තව කියවන්​න

අද (23) අළුයම වවුනියාව පොලිස් වසමේ තෝනික්කල් ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එක් කාන්තාවක් මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත. 119 අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් මියගිය කාන්තාව වයස අවුරුදු 21 ක්වූ ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ උපන්දින සාදයක් පවත්වමින් සිට ඇති බවටත්, එම අවස්ථාවේදී මුහුණ ආවරණය කරගත් හඳුනානොගත් පිරිසක් පැමිණ මෙම නිවසට ගිනි තබා ඇති බවටත් CCTV දර්ශන ඔස්සේ සිදු කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. වවුනියාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

තව කියවන්​න

මෙම වසරේ ගත වූ මාස 06 තුළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා වැටලීම් 20,121 ක් සිදු කර ඇත. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලයින් 20,121ක් එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 2687ක් ද සිටින බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිසට නඩු පැවරීමෙන් පසුව මිලියන 82ක් දඩ මුදල් ලෙස පනවා ඇති බව සඳහන්. වැටලීමවලින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මහජනතාව විසින් 1983 අංකය හරහා ලබාදුන් තොරතුරු මත බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවයි. පසුගිය දිනක උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණි.උතුරු කොරියානු මිසයිලයක් මෙතෙක් වාර්තා කර ඇති දීර්ඝතම පියාසර කාලය සඳහන් කරමින් එය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් දියත් කෙරුණු පසු පැයකට වැඩි කාලයක් කිලෝ මීටර 1000 ක පමණ දුරක් ගමන් කර ඇත. අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු කොරියාව මේ හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසි…

තව කියවන්​න

අද (16) අලුයම බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සිදු කළ වැටලීමකදී බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් නීතියේ රැහනට හසු කරගෙන තිබේ. වැටලීමේදී එළදෙණුන් සිව් දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදීත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය ඉදිරියේ පිහිටා ඇති මෙම අරාබි පාසලේ තවත් ගවයන් මස්කරමින් සිටි බවත්, එසේ මස් කිරීමට සූදානම් කර තිබූ අවුරුදු 3ක් පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට හැකි වූ බවත් බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පවසා තිබේ. කාලයක සිට මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර, මස් නගරයේ ගවමස් වෙළෙඳසල්වලට සපයා…

තව කියවන්​න

හෙරොයින් ග්‍රෑම් 08ක් සමග රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්. අදාළ සැකකාරිය අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

දිවයින පුරා පිහිටි විහාරස්ථාන 84ක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු ලෙස ඔවුන්  පෙන්වා දෙන්නේ දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා, විහාරස්ථාන ගරා වැටීම, සංඝ පරම්පරාවල අභ්‍යන්තර ගැටලු, නීතිමය ගැටලු, සහ යටිතල පහසුකම් හිඟයයි. එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව රටපුරා ඇති විහාරස්ථාන ගණන 12,807කි.

තව කියවන්​න

කොළඹ වරාය නගර සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා. මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීමට මෙරට ජනතාවට සහ විදේශීය සංචාරකයින්ට අද සිට අවස්ථාව හිමිවනු ඇති. දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන මෙම කෘත්‍රීම වෙරළ තීරයේ ජනතාවට දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය. මීට පෙර පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කර තිබුණා. ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇතියි. මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමටද…

තව කියවන්​න