- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට
Author: Kesara Athipola
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. ඒ කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින්. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි. ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති. ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන් ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මාවත මුදල් අමාත්‍යාංශය පොලිස් මූලස්ථානය මහ බැංකුව කොටුව…
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු මොස්කව් ගුවන්තොටුළ වසා දමා තිබෙනවා. මොස්කව් නගරයේ මුල්‍ය සහ ව්‍යාපාර සමාගම් කාර්යාල ගොඩනැගිලි දෙකකටද යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ රාත්‍රියේ මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අගෝස්තු මස මුල් සතියේ කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ලක්ෂ 70ක් පමණ අගෝස්තු මස 09 වනදායි කල් ඉකුත්මවීට නියමිතව ඇති බවයි. නිසි ප්‍රමිතියට ගබාඩා කර නොමැති වීම හේතුවෙන් රජය විසින් බෙදා හරින ලද බිත්තර මේ වන විටත් නරක් වී ඇති බවයි සරත් රත්නායක මහතා සදහන් කළේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වු සංඛ්‍යාව ලක්ෂ 12ක් ඉක්මවා තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑමට හේතු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. මේ තුළින් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන්න ලෙසයි ගාමිණි වලේබොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියේ.
නව උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පළාත් මට්ටමින් සිදුකෙරෙන බවයි. කළුතරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රිසි සහ විදේශ භාෂා විෂයන් සදහා නව උපාධිධාරීන් බදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. අධිකරණ මගින් ලබා දී ඇති තහනම් නියෝගයක් හේතුවෙන් ගුරු – විදුහල්පති බදවා ගැනීම් ප්‍රමාද වන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ.
උඩවළවේ ජලාශයට සමනලවැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා. මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශව යාමේ තත්ත්වයට මුහුණ පා තිබුණා. පසුගියදා කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සමනලවැවේ සිට උඩවළවේ ජලාශයට දින 10කට සෑහෙන ජලය ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළා. මෙම ජල හිඟයට විසදුමක් ලබා දීමේ අරමුනින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා. එහිදී අවධාරණය වූ කරුණු අතර සමනල වැවට හා උඩවළවේ ජලාශයට පසුගිය කාලය තුළ අපේක්ෂිත වර්ෂවෙන් ලැබී ඇත්තේ සියයට 50ක…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101 ක ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. නිසිපරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කර තිබෙනවා. ඒ අනුව නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදු කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්යංශය සඳහන් කරන්නේ. එමෙන්ම අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන…
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් සිදුව තිබෙනවා. අනතුරින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම තවත් පුද්ගලයින් 115 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා. අදාළ ගිනිකෙළි ගබඩාව පිහිටි ගොඩනැගිල්ලේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් අතරතුරයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.
ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළි තිබෙනවා. කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අද උදෑසන අනතුරට ලක්ව තිබුණා. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සදහා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සදහන් කළේ. බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එංගලන්ත සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක ස්ටුවටර් බ්‍රෝඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඕවල් පිටියේ පැවැත්වෙන අළුබදුන පස්වන ටෙස්ට් තරගයෙන් පසුව තමන් සමුගන්නා බවයි ඩ්‍රෝඩ් ප්‍රකාශ කර ඇත්තේ. ඔහු ටෙස්ට් තරග 167කදී කඩුලු 602ක් දවාගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222