Author: Kesara Athipola

2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි. මෙරට උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය. 2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන් වූ මෙරට ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් ඇත.

තව කියවන්​න

කෘතහස්ත දේශපාලනඥ, අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිතයි. හේතුවෙන් හෙට (01) දින දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා තීරණය කර ඇත. ඊට අදාළව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද ඒ මහතා සිදු කර ඇත. දෙවිනුවර ආසනයෙන් 1977 වර්ෂයේදී පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ රොනී ද මැල් මහතා ආණ්ඩු කිහිපයකදීම මුදල් අමාත්‍ය ධුරය හොබවමින් මෙරට වැඩිම වාර ගණනක් අයවැය වාර්තා ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසට ඉතිහාස ගත විය. රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කර ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට…

තව කියවන්​න

“නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ. එම යෝජනා ක්‍රමය පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීමට ක්‍රියාත්මක වීමට නියමිතය. එම යෝජනා ක්‍රමයට අදාළ කැබිනට් යෝජනාවද මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූණා. එමෙන්ම මීට පෙර ඊට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි. පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ යම් සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට සිදුවුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීම මෙම යෝජනා ක්‍රමයේ අරමුණයි.

තව කියවන්​න

ඉදිරි පැය 24ක කාලය තුළ වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් මෙන්ම රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවට විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. නිවේදනයට අනුව ඉහත සඳහන් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැ‍නෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

තව කියවන්​න

පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම මාතර කොටවිල අධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවී ඇතිබව සඳහන්. 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත. අදාළ සැරයන්වරයා දිගු කලක් ලෙඩ නිවාඩු වාර්තා කර අද දින නැවත සේවයට වාර්තා කර කොටවිල අධිකරණ සංකීර්ණය අසල පොලිස් මුරපොළ තුළදී මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය එතුමා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පී උද්ධික ප්‍රේමරත්න මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට පිවිස තිබුණා. මෑතකදී එතුමා ඉලක්ක කර එතුමාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්ද එල්ලවූ බවට වාර්තා පලවුණා.

තව කියවන්​න

ජල ගාස්තු වල වැඩිවීම තුළ නැවතත් ආපනශාලා ආහාර මිල ගණන් වැඩි වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. ආපනශාලා තුළ ජල භාවිතය අධික බැවින් මෙලෙස ජල ගාස්තු වැඩිවීම හරහා ආපනශාලා වල වැසිකිළි පද්ධති පාරිභෝගිකයාට තහනම් කලාපයක් වනු ඇති බවට ඔහු සඳහන් කර සිටියා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා. සම්පූර්ණ මාධ්‍ය හමුව නරඹන්න.

තව කියවන්​න

දේශීය ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා. ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ. එලෙස සංශෝධනය වන ගෑස් මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවා.

තව කියවන්​න

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරඟය මේ වන විට පැවැත්වේ. එහිදී බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ්-අල් හසන් පන්දුවාරය ආරම්භ කිරීමට යාමේදී පිටියට සර්පයෙකු පැමිණීමත් සමග කාගේත් අවධානය ඒ වෙත යොමු විය. සම්පූර්ණ වීඩියෝව නරඹන්න.

තව කියවන්​න

තීරුබදු රහිතව ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට අධික බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව තීරුබදු රහිතව ගෙන්වන ලද රුපියල් 780,000ක් පමණ වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 375 ක් එම සැකකරු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්. මෙම සැකකරු ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතයි.

තව කියවන්​න