Author: Kesara Athipola

පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වූ අතර ගින්නෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුවී නොමැත. ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

මාර්තු මාසයෙදී ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන පරිදි පත්වාගෙන යෑමට එම සමාගම තීරණය කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කෙරීය.

තව කියවන්​න

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ඉන්දියාවට පැමිණ තිබේ. එහිදී බිල් ගේට්ස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බවද වාර්තා වෙයි. ලෝක ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කෘතිම බුද්ධියේ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් එම හමුවේදී වැඩි අවධානයක් යොමුව ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සවිබල ගන්වන අංශ පිළිබඳව සාකච්ඡා කිරීම සැමවිටම සතුටට කරුණක් බව, හමුව සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

තව කියවන්​න

ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත.

තව කියවන්​න

ඊයේ (29) උදෑසන කාලයේදී කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල තිබී කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක කාන්තාවකි. මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තව කියවන්​න

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව තිබියද මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. ඒ අනුව මාර්තු මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, දැනට පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. කෙසේවෙතත් මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැත.

තව කියවන්​න

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඊයේ අවන්හලක ගින්න ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගින්න ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර,  මිනිසුන් විශාල ප්‍රමාණයක් ඊට මැදිවූ බව පැවසෙයි.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බවයි සඳන් වන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

තව කියවන්​න

යාපනයේ පෞද්ගලික බස් රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. යාපනයේ සිට ගමන් ගන්නා දුර ගමන් සහ කෙටි ගමන් සේවා සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්වී ඇත. මේ අතර අද දින පෞද්ගලික බස් රියදුරන් යාපනය ඩිපෝව ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් බවටයි වැඩිදුරත් තොරතුරු වාර්තා වන්නේ.

තව කියවන්​න

උද්දික ප්‍රේමරත්න මහතා පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ මන්ත්‍රී ධූරය සඳහා එස්. සී මුතුකුමාරණ මහතා තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වේ. එස්. සී මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව දනුම් දී ඇත.

තව කියවන්​න