- අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
- ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
- ට්‍රිලියනය ඉක්ම වූ රේගුවේ ආදායම
- ලංගම බස් රථයක් ගසක ගැටී 21 ක් රෝහලේ
- සඳුදා සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
- ලංගම බසයක් මාර ගසක ගැටෙයි – මගීන් පිරිසක් රෝහලට
- කේරළ ගංජා තොගයක් සහ ගිනි අවි සමග තිදෙනෙක් මාට්ටුවෙයි
- මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඉන්දියාවට පළා ගිය තිදෙනෙක් යළි දිවයිනට
Author: Kesara Athipola
පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ. පාසල් පොත් බෑගයේ බර වැඩවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබුනා. ඒ අනුව, සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇති අතර එහි පියවරක් වශයෙන් තෝරා ගත් පෙළපොත් කාණ්ඩ…
බස්නාහිර පළාතේ පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් 2500 කට පත්වීම් ලබාදීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේ. ඒ අනුව ප්‍රාථමික, කලා, වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා මෙන්ම සාමාන්‍ය පෙළ විෂය ඉගැන්වීම සඳහා ද මෙහිදි ගුරුවරුන් බඳවා ගන්නා බව ඒ මහතා සඳහන් කලා. විභාග ප්‍රතිඵල නිකුත් කළ ද ඒ සම්බන්ධයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් මෙලෙස බඳවා ගැනීම් ප්‍රමාද වූ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. කෙසේවෙතත් බස්නාහිර පළාත තුල තවත් ගුරු පුරප්පාඩු 2000කට අධික සංඛ්‍යාවක් පවතින බවයි වාර්තාවන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් අද මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි. ඒ අනුව අදාල රැස්වීම අද පස්වරු 03 ට පැවැත්වෙන බව සඳහන්. පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණා. මේ අනුව එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේදී කැඳවා තිබෙනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනුයි මෙලෙස මධ්‍යම කාරක සභාව කැඳවා ඇත්තේ. දේශපාලන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ය.
ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී රුපියල දක්වා පහත හෙළීමට තීරණය කර ඇත. රාමසාන් උත්සව සමය නිමිත්තෙන් මෙලෙස ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. මෙම සහනය ලබාගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත. කෙසේවෙතත් පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙකි.
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධික ස්ථුලතාවය හෙවත් තරබාරු බවින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ලොව පුරා මිලියන 220කට වැඩි පිරිසකගේ දත්ත මත සිදුකරන ලද සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණ වී ඇත. තරබාරු බව ඇති අවුරුදු 5 සිට 19 දක්වා වයස්වල පසුවන ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන්ගේ සංඛ්‍යාව ද සිව් ගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර 1990 සිට 2022 වසර දක්වා කාලය තුළ තරබාරු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව අනාවරණ වේ.
හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා හට මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන් ඇති වී ඇති බව ඒ මහතාගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත. ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. කෙසේවෙතත් එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු ඉහත සඳහන් රෝගී තත්වයන්ගෙන් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය.
ලොව ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඉන්දීය ආර්ථිකය 2023 වසරේ අවසාන කාර්තුවේදී 8.4%කින් වර්ධනය තිබෙන බව නවතම දත්ත සඳහන් කරයි. ජපානය සහ ජර්මනිය අභිබවා යමින් ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව නුදුරේදීම පත්වෙතැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් මෙම ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු, 2024 වසරේ ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් නරේන්ද්‍ර මෝදී ගේ පවතින රජයට වාසිදායක වන අයුරින් නිර්මාණය කරන බවටද වාර්තා වේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222