- අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
- ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
- ට්‍රිලියනය ඉක්ම වූ රේගුවේ ආදායම
- ලංගම බස් රථයක් ගසක ගැටී 21 ක් රෝහලේ
- සඳුදා සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
- ලංගම බසයක් මාර ගසක ගැටෙයි – මගීන් පිරිසක් රෝහලට
- කේරළ ගංජා තොගයක් සහ ගිනි අවි සමග තිදෙනෙක් මාට්ටුවෙයි
- මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඉන්දියාවට පළා ගිය තිදෙනෙක් යළි දිවයිනට
Author: Kesara Athipola
රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 314.23 ක් ලෙස සටහන්ව තිබුණා.
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත රොනී ද මැල්ගේ අවසන් කැමති පත්‍රය හරහා ඔහුගේ අවමංගල උත්සවයේ දී ගිහි කථාව, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීරට පවරා තිබෙනවා. “ගිහි කථා, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීරට අවස්ථාව දිය යුතුය” ලෙස එම අවසන් කැමති පත්‍රයේ එහි සඳහන් වී ඇති බව වාර්තා වේ. මෙම අන්තිම කැමති පත්‍රය 2020 වසරේ ජනවාරි මස 6 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය මගින් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් වෙත යොමුකර ඇත.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බව කාලගුණ අංශ සඳහන් කරයි. ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.
පිදුරුගොඩක හටගත් ගින්නකට මැදිව පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු වේ. මොරගහහේන පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු බවය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ආර්ථීක මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල පහත වැටී තිබුණ ද වෙළදපොළ තුළ එළවළුවල සිල්ලර මිල තවමත් ඉහළ මිලක පවතිනවා. අද (01) දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල සටහන් වුයේ රුපියල් 300ත් 400ත් අතර මිලකට වුවත් පාරිභෝගිකයින් පවසන්නේ වෙළදපොළේ කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් පමණ වන බවයි. බීට් කිලෝවක් සටහන් වුයේ රුපියල් 225ත් 300ක මිලකට සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 300ත් 400ත් අතර අගයක සටහන් වුණා.
දිවුලපිටිය නගරයේදී අනියම් පුරුෂයා විසින් අවුරුදු 26 ක කාන්තාවක පිහියෙන් කපා කොටා පලා ගොස් ඇත. දිවුලපිටිය නගරයේදී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයකු අවුරුදු 26 ක කාන්තාවකට පිහියකින් පහර දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා සහ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වද්දී පිහි ඇනුමෙන් තුවාල වූ කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත. පුරුෂයා සහ කාන්තාව ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දැනට තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් දිවුලපිටි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරියකු පවසයි. මෙම අනියම් පුරුෂයා කාන්තාවගේ බඩ ප්‍රදේශයට සහ…
2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත ලකුණු මත පාසල්වලට ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍ර මාර්තු 7ට පෙර විදුහල්පතිවරුන්ට භාරදිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ගටලුකාරී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ගුරුවරුන් පිරිසක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය. 2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙන අතර අද පැවැත්වීමට නියමිතව තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය යි. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර…
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එමෙන්ම කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222