- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ලෙබනනයට එරෙහිව අඛණ්ඩව සටන් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට දැනුම් දී තිබෙනවා. ඇමරිකාව, බි්‍රතාන්‍යය හා අනෙකුත් මිත්‍ර රටවල් විසින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර දින 21ක සටන් විරාමයක් ඉල්ලා සිටියා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊට ප්‍රතිචාර දක්වමින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වනවා. මීට පෙර ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ හා බෙකා ප්‍රදේශයේ හිස්බුල්ලා ඉලක්ක 75කට එක් රැයක් තුළ පහර දුන් බවයි. පසුගිය සඳුදා සිට එම ප්‍රහාර වලින් 550 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 8 වැනිදා සිට ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් පවතිනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කරමින් ලෝක බැංකුව මේ බව සදහන් කළා. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනයට සහය ලබා දෙන බවයි. රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා ශ්‍රී ලංකාවේ නව නායකත්වයට සහය ලබා දීමට කැපවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට හෙක්ටයාරයකට ලබා ගෙන පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා ඉහළ නැංවීමටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. මහ කන්නය සදහා මෙතෙක් හෙක්ටයාරයක් සදහා ගෙවනු ලැබුවේ රුපියල් 15000ක දීමනාවක්. කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙම සහනාධාරය ගොවි ජනතාවට ලබා දීම සදහා අදාළ මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර ඔක්තෝබර් පළමුවනදා සිට ධීවර ප්‍රජාව සඳහා ද ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.…
ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා . අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථීක අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට ගොස් රුපියල් කෝටි 184ක පාඩුවක් රජයට සිදුකළේ යැයි චෝදනා කරමින්.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම සිදු කලා. ඒ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන්. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව මෙය සිදු කර තිබෙනවා. මෙම උපකරණ අති නවීන තාක්ෂණයෙන් හා අධික වටිනාකමකින් යුක්ත වනවා.
ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ටී 56 වර්ගයේ ගිනිඅවිය ඊයේ රාත්‍රියේ නුගංමුව පොලිස් වසමේ දෙල්ගහ මැඩිල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩුමහලක තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා. මෙය අංකය මකාදමන ලද ටී 56 වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙක්.
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් සියයට 8.25 ක මට්ටමේ තබාගැනීමටයි. එසේම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25ක මට්ටමේම පවතිනු ඇති.
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු මෙරටට ලැබී ඇති බවයි. අවුරුදු 25 – 44 ත් අතර, වයස් කාණ්ඩවල පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත පිරිස් සදහා ඒ සදහා අයදුම් කළ හැකියි. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතු බවයි එම කාර්යංශය සදහන් කළේ
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් බලපෑමක් සිදුව නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222