Author: Kesara Athipola

නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි සොයාගත් බව සඳහන් . දුම්වැටි 600ක් මෙලෙස විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා . සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා .

තව කියවන්​න

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත හිම කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් යොසෙමිටේ ජාතික වනෝද්‍යානය සහටාහෝ විල අවට ඇති හිම ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. එම ප්‍රදේශවලට අඩි 10 දක්වා උසට හිමපතනයක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් අධිවේගී මාර්ගයක් ඇතුළු මාර්ග වසා දමා තිබෙනවා. එමෙන්ම නෙවාඩා කඳුකරයේ සුළං වේගය පැයට කිලෝමීටර 225 දක්වා ඉහළ යා හැකි බවටයි බලධාරින් අනතුරු අඟවන්නේ.

තව කියවන්​න

දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන ඇත. මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි.

තව කියවන්​න

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් ගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ඊයේ පැමිණි අගමැතිවරයා රැගත් හෙලිකොප්ටරය, මාතර – කොටුව ක්‍රීිඩාංගනයට ගොඩ බැස්වීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමට හානි සිදුව තිබෙනවා. අදාළ අවස්ථාවේ පැවති දැඩි සුළං ප්‍රවාහය හේතුවෙන් හෙලිකොප්ටරය දෝෂයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී මාතර තානායමේ ආහාරපාන ලබාගැනීම සඳහා පැමිණ සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ද අපහසුතාවට පත්වූ බව සඳහන්. මෙලෙස නිසි ආකාරයට හෙලිකොප්ටරය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් බිය වී තිබුණු අතර ඔවුන් සිය විරෝධයද පල කර තිබුණා. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් දෙපාර්ශවය…

තව කියවන්​න

යුක්තිය මෙහෙයුම පෙරට වඩා ඉතාම කාර්යක්ෂමව සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත. අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මේ බව අවධාරණය කර ඇත. අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවත් අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ.

තව කියවන්​න

මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. එමෙන්ම 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු එම අංශය සඳහන් කරයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි අභිමානවත් සංවත්සරය අදට (02) යෙදී තිබේ. “සුරකිමු ලකඹර” යන්න තම තේමා පාඨය කරගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලැබේ.

තව කියවන්​න

යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය වූ පා පැදියක ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි අයියකඩේ – මිසාලේ ප්‍රදේශයේ පදිංචි තරුණයා යාපනය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු චාවකච්චේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තව කියවන්​න

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. නමුත් මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඔහු පවසන්නේ, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගෙන එම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

තව කියවන්​න