- පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
- ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
- බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
Author: Kesara Athipola
සබරගමුව පළාතේ පාසල්වල අනිද්දා පැවැත්වීමට නියමිත 2023 වාර අවසන් විභාගයේ 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාව දෙවන කොටස බව පැවසෙන ප්‍රශ්න පත්‍රයක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වේ. ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර මහතා කියා සිටියේ පිටවී ඇති ප්‍රශ්න පත්‍රය නිවැරදි එකක්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඉදිරි පියවර ගන්නා බවයි. බස්නාහිර පළාතේ පාසල්වල තුන්වන වාරයට අදාළව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට ලබාදුන් විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවීමේ සිද්ධියක්ද වාර්තා වුණා.
ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිපිරීම සිදුකළ තැනැත්තා ආපශාලාව වෙත බෝම්බය රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයා සිය මුහුණ සඟවාගෙන ගමන් කරන අතර ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.
2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇත. එම අගය 218,350ක් බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බව සඳහන්.
මීගහකිවුල ප්‍රදේශයේ දී කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක් වූ මෙම කාන්තාවන් ප්‍රථීකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසුව එක් කාන්තාවක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම ආරවුලට හේතුව පැරණි බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා එළබඹෙන් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සමන් රත්නායක, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. එහි දී ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දී ඇත.
වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් කියා සිටියේ ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150ක මිලකට අලෙවි වන බවයි. එමෙන්ම, වාහම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගතයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර නිෂ්පාදකයින් හා වෙළද මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස පීඩාවට පත්කිරීම වැළැක්වීමට මෙම පියවර ගත යුතු බවයි. ඒ අනුව බිත්තර සදහා වන උපරිම සිල්ලර මිල ලබන සතියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222