Author: Kesara Athipola

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රීයේ මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවට බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක පමණ ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තා වේ. දකුණු කොරියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳන් කළේ එම වෛද්‍යවරුන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස නියෝග කර තිබුණත් ඔවුන් එය නොසලකා කටයුතු කරන බවයි.

තව කියවන්​න

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් සඳහන් කරයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

තව කියවන්​න

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබේ.

තව කියවන්​න

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස්, ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ 0.8% සුළු පහළ යෑමක් දක්නට ලැබුණා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978ක් ලෙස වාර්තා වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක්. මේ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් තිබෙනවා.

තව කියවන්​න

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි. ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇති බව ඒ මහතා කියා සිටියා. ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද…

තව කියවන්​න

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක මහතා (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයට සක්වල බස්රථ වැඩසටහනේ 83 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දීමට ගිය අවස්ථාවේදීය. කලක් ගුරු වෘත්තියේ නියැලී ඇති ඒ මහතා පසුව වයඹ පළාත් සභාවේ සභානායකවරයා ලෙස, වයඹ පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයා මෙන්ම වයඹ පළාත් සභාවේ හිටපු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබේ. සෝමසිරි ගුණතිලක මහතා හිටපු වන සම්පක් හා පරිසර රාජ්‍ය අමාත්‍ය මුනිදාස ප්‍රේමචන්ද්‍ර…

තව කියවන්​න

පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (01) මෙලෙස මෙම 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදීය.

තව කියවන්​න