Author: Kesara Athipola

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ විකුණුම් මිල සහ ගැනුම් මිල සුළු වශයෙන් පහළ ගොස් ඇත. ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් වටිනාකම රුපියල් 303. 81ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් අගය සටහන් වූයේ රුපියල් 304. 71ක් ලෙසයි. එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313. 41ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 314. 23ක් ලෙස සටහන් වී තිබුණා.

තව කියවන්​න

දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් සඳහන් කරයි. මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා එම නිෂ්පාදන කප්පාදුව ක්‍රියාත්මක කරන්න ඔපෙක් ප්ලස් සාමාජිකයන් එකඟ වී ඇත. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83යි ශත 83 දක්වා ඉහළ ගොස් තිබූ අතර අමෙරිකානුු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 80යි ශත 17ක් ලෙසිනි.

තව කියවන්​න

මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද අනුශාසනා පිළිනොගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේගේ සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් නොහොත් සමන්තබද්‍ර හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂු සංවිධානය මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත. මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3) දින මල්වතු මහා විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.

තව කියවන්​න

ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් හේතුවෙන් යාබද නිවාස දෙකක් අතර සිදුවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතුවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි ගෝනාපිනුවල, දෙල්ගහදුව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ. මරණකරු රැකියාව නිමකොට නිවසට පැමිණෙන අවස්ථාවේ දී බල්ලන් පිරිසක් බුරා පැමිණිමේ දී එම බල්ලන් අයිති හිමිකරුට පොරවකින් පහර දී ඇත. පසුව තුවාල ලැබු පුද්ගලයාගේ පුතුන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ හිසට පොල්ලකින් පහර දීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව සඳහන්.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබේ. අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්ද විමසීමක් හරහා තෝරාගනු ලබන මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත්ව තිබේ. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකය ලෙස ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම්කිරීමට මූලික හේතුව වී ඇත.

තව කියවන්​න

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණයේදී වොෂින්ටන් DC කොට්ඨාසය ජය ගැනීමට ඉදිරියෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කර නිකී හේලි සමත් වී ඇත. මෙය නිකී හේලි ලැබූ පළමු ජයග්‍රහණය ලෙස හැඳින්විය හැක. ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ රිපබ්ලිකන් කොට්ඨාසයක් ජයලැබූ පළමු කාන්තාව ලෙස හේලි ඉතිහාසගත වේ.

තව කියවන්​න

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වේ. පසුගිය ඇෆ්ගනිස්තාන තරගාවලියේ ඇතුවූ උණුසුම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා ඇති නිසා අද ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවයි. දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි. තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.

තව කියවන්​න