Author: Kesara Athipola

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. අද පෙරවරුවේ එතුමා ඇමරිකාවේ සිට පැමිණ ඇති බව වාර්තා වේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 206 ක් රැස් කළා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 207 ක්. දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි. තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සධීර සමරවික්‍රම සමත් වුණා. කුසල් මෙන්ඩිස් ඔහුගේ විස්සයි විස්ස 12 වන අර්ධ ශතකය වාර්තා කල අතර සධීර සමරවික්‍රම තම 2 වන අර්ධ ශතකය වාර්තා කළා.

තව කියවන්​න

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන අතර එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි. ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කරන අතර ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගයට නිකුත් කළ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් යළි දීර්ඝ කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සම පිළිබඳ නඩුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි. එහිදී දිසා විනිසුරුවරයා නියෝග කළේ ලබන 19 වනදා දක්වා අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමටයි. එම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද අධිකරණය හමුවේ විරෝධතාවක්ද ගොනු කරනු ලැබුවා.

තව කියවන්​න

මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට මෙරට පවතින්නේ නව ආණ්ඩුවක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුව අමතමින්. එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කර සිටියා.

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිර්‍රිමට තීරණය කර තිබේ. මේ අනුව 21.9% අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරේ.

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු මදුශාන් නමැති සිසුවෙකු මහවැලි ගඟේ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. නාවලපිටිය ශික්ෂණ රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 වනදා මෙම සිසුවා මහවැලි ගංගාවේ ගල්පොත්තවල නමැති ස්ථානයක දිය නෑමට ගොස් තිබේ. එහිදී මෙම සිසුවා සැඩ පහරකට හසුව දියේ ගසාගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩට ගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය පීඨ සිසුවා අද (04) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

තව කියවන්​න