Author: Kesara Athipola

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටිංග්ස් ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති චන්දන ලාල් මහතා පැවසුවේ තවත් වෘත්තිය සමිති කිහිපයක් මෙම වර්ජනයට එක්වන බවයි. මේ අනුව දුම්රිය රියදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩවර්ජනය සදහා එක්වන බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න

ඉකුත් වසරේ මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ව මැතිවරණ කොමිසම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළේය. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,  පැෆ්රල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත්…

තව කියවන්​න

උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සි. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා තිබුණි.

තව කියවන්​න

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. මේ අතර කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතය. වී FM නාලිකාවේ Youtube විකාශය කෙරෙන පාර්ලිමේන්තු සජීවි විකාශය ඉහතින් දැක්වේ.

තව කියවන්​න

උතුරු ගාසා තීරයේ දරුවන් විශාල පිරිසක් කුසගින්න හමුවේ මිය යන බවට අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ ආහාර නොමැතිකම සහ දරුණු මන්දපෝෂණ තත්ත්වය මත දරුවන් මෙලෙස මියගොස් ඇති බවයි. මේ අනුව ඊයේ දිනය වන විට දරුවන් 15 දෙනෙකු මන්දපෝෂණ තත්ත්වයෙන් සහ විජලනයෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කළා.

තව කියවන්​න

විදුලි ගාස්තුව අඩුවීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර වර්ගවල මිල පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ මේ අනුව බත් පාර්සලයක් රුපියල් 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් සහ කෙටි ආහාර මිල රුපියල් 10 කින් මෙලෙස පහත දැමෙනු ඇති බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 21.9 කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගත්තා.

තව කියවන්​න

සමගි ජනබලවේගයේ ඇතැමුන් විසින් තමන්ට කෙනෙහෙලිකම් රැසක් සිදු කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එකමුතුකමක් නොමැතිව සමගි ජනබලවේගයට ඉදිරි ගමනක් නොමැති බවයි ඒ මහතා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ. මේ අතර ඊයේ දින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරණ තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් සමගි ජනබලවේගයට නිකුත් කළ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් යළි දීර්ඝ කරනු ලැබුවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම පිළිබද නඩුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදි දිසා විනිසුරුවරයා නියෝග කළේ ලබන 19 වන…

තව කියවන්​න

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමකට එනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කළේ. වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි  පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි. විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉතිහාසහ, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා කටයුතු කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අද දිනයේදී ලංසු විවෘත කිරීම සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙම ලංසු විවෘත කිරීම සජීවීව සිදු කරන බවයි. ඒ අනුව අද උදෑසන 10 සිට සවස 2 දක්වා ලංසු කැඳවන අතර පස්වරු 2 වන විට ලංසු විවෘත කරන බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න