Author: Kesara Athipola

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට හැකි වෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කරා. ඔහු පැවසුවේ, රටක් වශයෙන් ස්ථාවර වුවද රට අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන් එළියට ගොස් නොමැති බවය. 2024දී ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා වර්තමාන ආර්ථික ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යෑම වැදගත් බව ද පැවසුවා.

තව කියවන්​න

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් කල් දමා තිබෙනවා. ඒ අනුව  අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ. මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ සුදානමක් ඇති වර්තවන්වා. ඒ අනුව වත්මන් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව සඳහන්. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙම දැනුම් දීම සුදුකර ඇති බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මටහ විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණා. එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමටයි පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය වී තිබුණේ. ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත්…

තව කියවන්​න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද  දිනයේ උෂ්ණත්වයේ ඉහළ යාම පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.  එම නිවේදනයේ දැක්වෙන්නේ  බස්නාහිර සහ  දකුණු පළාත්වලත්  රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත්  තාප දර්ශක, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම’ මට්ටම දක්වා ඉහළ යනු ඇති බවයි . මෙම උෂ්ණත්වයට දිගුකාලීනව නිරාවරණය වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් හැකි සෑම විටම පරිහරනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

නවගමුව  කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී අද උදැසන මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. එහිදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැල ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම මඟින් මෙම පරාසය පුළුල් කර ඇති බව සඳහන්. මීට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සහ යාවත්කාලීන කරන ලද ප්‍රකාශන ආකෘතිය නිකුත් කර ඇති අතර එය කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන්  බාගත කර ගත හැකි බවයි  ජනාධිපති කාර්යාලය පවසන්නේ.

තව කියවන්​න

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට වෘත්තිය පුහුණුවක් ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කෙරෙනවා. මේ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදාගනිමින් අදාළ වැඩසටහන සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. මෙහිදි ලියාපදිංචි වූ සිසුන් පස්වරු 2 ට පෙර තමන්ට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලා සිටියා. උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය හෝ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලේ හැදෑරීමට සිසුන්ට මෙමගින් අවස්ථාව සලසා දී තිබෙනවා.

තව කියවන්​න