- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . එරට රජය සදහන් කලේ දින දෙකක් පුරා නේපාලයට බලපෑ අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවයි මිය ගිය පිරිසට අමතරව තවත් පුද්ගලයින් 64 දෙනෙකු අතුරුදන් බව නේපාල බලධාරීන් නිවේදනය කළා. එමෙන්ම එරට ආරක්ෂක නිලධාරීන් සඳහන් කලේ 3 000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි . පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට හෙට සිට එළබෙන 14 වනදා දක්වා අවස්ථාව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 011 2 784 208 අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර ප්‍රතිඵල අනුව පළමු වරට පෙනී සිටි සිසුන් 322, 537 දෙනාගෙන් 244, 228ක් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 01 සිට 08 දක්වා ඊට අදාළව අයදුම්පත් කැඳවන බවයි. මහ මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට රජයෙන් වෙන්කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කොළොඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මෙම සහනය ජනතාව වෙත ලබා නොදෙන ව්‍යාපාරිකයින්ට දඩුවම් ලබා දෙන ලෙසයි. පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. කෙසේ නමුත් බේකරී වල තිබෙන නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව වර්තවනවා.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේදී මි:මී:100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවයි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදි තිබෙනවා. කොළඹ, මාතලේ, බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන 5 ක් මෙලෙස කිසිදු උත්සවයක් පැවැත්විමකින් තොරව ජනතා අයිතියට පැවරිමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදි ඇත්තේ. මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදි වැඩ නිම කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ජා – ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. මෙම කාන්තාව අද අලුයම 12.00 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත චීන අග්‍රාමාත්‍ය ලී ක්වන්ග් මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් අගමැතිනිය සමග කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ලී ක්වන්ග් මහතා පවසනවා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.13 ලෙස සටහන් වෙනවා.
අගෝස්තු මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද ඊට අයත්. ඊට අමතරව නිල සංචිත ඉහළ නංවා ගැනීම සඳහා මහ බැංකුව දේශීය වෙළෙඳපොළෙන් සැළකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ද මිලදී ගෙන තිබෙනවා. එසේම මෙම වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7 කින් අතිප්‍රමාණ වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222