Author: Kesara Athipola

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය. මෙසේ බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් යන අයටයි. චුදිතය 2010.01.01 – 2010.01.31 අතර දිනයක අවු 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑලිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි. මහාධිකරණ විනිසුරුවරයා චුදිතට රු පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කල අතර , එම දඩ මුදල නොගෙවන්නේ නම් සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දක්වා දිර්ඝ කිරිමටත්…

තව කියවන්​න

ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන දැඩි රථවාහන තදබදය හේතුවෙන් ඒ ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇත.

තව කියවන්​න

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද (05) උදෑසන බෙයිජිං හිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් මෙන්ම ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2900ක පමණ පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වසංගතය පාලනයෙන් අනතුරුව තීරණාත්මක ජයග්‍රහණ ලබාගත් චීනය ප්‍රධාන ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක පූර්ණ ලෙස සාක්ෂාත් ක‍ර ගත් බවත් නවීකරණ සමාජවාදී රටක් නිර්මාණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් චීන අග්‍රාමාත්‍යවරයා චීන අග්‍රාමාත්‍යවරයා 2024 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. ඔහු තවදුරටත් පැවසුවේ 2024 දී චීන ආර්ථිකය 5%කින් පමණ වර්ධනය වෙතැයි අපේක්ෂා කරන…

තව කියවන්​න

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි. සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලදදේ අද (05) දින පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්ය. 2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී…

තව කියවන්​න

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තා වේ. එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර අතර එහිදී එම සංචාරකයින් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙන බවද වාර්තා වේ.

තව කියවන්​න

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති 40 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත. ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 7ක පමණ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇත. ඇය විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවද වාර්තා වෙයි. රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එලෙස ඝාතනය වූ රත්මලානේ ‘මස් කඩේ කලුවා’ නම් පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය ලෙස මෙන්ම දේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවටද මෙම කාන්තාව හඳුනාගෙන ඇත.

තව කියවන්​න

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (05) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ තම රාජකාරියට පැමිණ තිබෙනවා. එහිදී රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත්වෙමින් ඔහුට විරෝධය පළ කළ අතර යම් නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එය වළක්වාගැනීම සඳහා ජාතික රෝහල අසළට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබුණා. අවස්ථා කිහිපයකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් විරෝධය එල්ලවූ අතර, ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමටද අවධානය යොමුව තිබුණා.

තව කියවන්​න

තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා වෙත කනගාටුව පළ කර ඇත. එමෙන්ම, නැවත ඒ මත පදනම්ව කිසිදු අපහාසයක් සිදුනොකරන බවට පැවසීමත් සමග නඩුව සමථයකට පත්වී ඇත.

තව කියවන්​න