- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ අතර අද (06) දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි.
විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතයි. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු මේ ආකාරයට අද සිට පැවැත්වීමට නියමිතව ඇති බවයි.
ආහාර අතුළු ආධාර රැගත් රථ පෙලක් උතුරු ගාසා තීරයට ඇතුළු වීම අවහිර කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා. මෙහිදී ආධාර රැගත් ලොරි රථ 14ක් ආපසු හරවා යැවීමට එම හමුදාව විසින් කටයුතු කළ බවට ලෝක ආහාර වැඩසටහන්නේ නියෝජිතයන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. උතුරු ගාසා තීරයේ ළමුන් කුසගින්නෙන් මියයෑම වැලැක්වීමේ අරමුණින් මෙම ආධාර තොගය ගෙන ඒමට ලෝක ආහාර වැඩසටහන කටයුතු කර තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලු දෙනා පිළිගත්තද එය නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කිරීමට කටයුතු කරන බවයි. මේ අතර කාර්තු 6 ක් පුරා හැකිලුණු ආර්ථිකය 2023 වර්ෂයේ 3 වන කාර්තුව වන විට යළිත් පිබිදීම ආරම්භ කළ බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. එමෙන්ම වැඩිදුරටත් රටේ ආර්ථික පිළිබදව කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ විදුලි බිල යළිත් පහත දැමීමට කටයුතු කළා මෙන්ම ඉදිරියේදී පාසල් උපකරණ මෙන්ම ඖෂධ වර්ග ද වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි. කුමන…
බිඳ වැටීමකට ලක්වූ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඊයේ රාත්‍රී 09ට පමණ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ජාල බිඳ වැටුනු අතර, එහිදී අදාළ ගිණුම් සඳහා පරිශීලකයන්ට ඇතුල් වීමට හැකියාව ලැබුනේ නැහැ. අනතුරුව පැයක පමණ කාලයකින් පසු එය යථා තත්ත්වයට පත් කිරීමටයි කටයුතු කෙරුනේ. මෙම සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.
මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු 01 වනදා දක්වා මාරක රිය අනතුරු 324ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම මාරක අනතුරු වලින් 651 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 1,355ක් සුළු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම මෙම මාරක රිය අනතුරු 324න් පුද්ගලයන් 341 දෙනෙකු මුල් මාස 02ක තුළ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිදුවූ අනතුරු පිළිබඳ සැලකිලිමත්වීමේදී යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බවය ිපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට බංග්ලාදේශයේ සිල්හෙට් හී දී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළම තරඟය ලකුණු 03න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දිනයේදී සමත් වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තරඟ එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු සහභාගීව පළමු ජන රැළිය මාර්තු 10 වැනිදා කුලියාපිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම ජන රැළිය ‘සැබෑව’ යන තේමාව යටතේ පැවැත්වෙන බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, ඔහුගේ පවුලේ ලොක්කෝ පොඩ්ඩෝ සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. බැස්ලි රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස්පක්ෂය මූලිකත්වයෙන් සකස් කරන පොදු සන්ධානයේ නම, ලකුණ හා වැඩපිළිවෙළ ඉදිරිසතිය තුළ ප්‍රකාශයට පත් කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. එමෙන්ම මෙම සන්ධානයට මේ වන විට දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී තිබෙන අතර, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා සන්ධානය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222