- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් නිවසේ තිබූ වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් විසින් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයක්.
“තාක්ෂණය හා නවොත්පාදන” යන තේමාව යටතේ මෙම මස 04 සිට 08 වන දින දක්වා ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වෙයි. නව තාක්ෂණය අධිකරණ කටයුතු සදහා යොදා ගැනීම, ඩිජිටල්කරණය, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව, ආබාධ සහිත පුද්ගලයින් සඳහා යුක්තිය සදහා ප්‍රවේශය ශක්තිමත් කිරීම, දේශගුණික ප්‍රතිපත්ති, නීති සම්පාදනය යන තේමාවන් මුලික කර ගනිමින් සැමට යුක්තිය සඳහා ප්‍රවේශවීම තහවුරු කරමින් සමුළුව පැවැත්වෙයි. සැමට යුක්තිය සදහා ප්‍රවේශයක් සහතික කිරීමේ තිරසර සංවර්ධන 16.3 ට අනුකූලව යුක්තිය සඳහා සමාන ප්‍රවේශය පිළිබඳ ප්‍රකාශ ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය…
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම අද සිට මසක කාලයක් සදහා අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ප්‍රකාශ කළා. කටුනායක ගුවන්තොටුපළ හරහා නීති විරෝධි ලෙස මෙරටට රත්‍රං ගෙන ඒමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මෙලෙස පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවා ඇති බවයි කතානායකවරයා සදහන් කළේ. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ ප්‍රකාරව මෙම අත්හිටුවීම සිදුකළ බවද මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.
මෙවර උසස් පෙළ හදාරා අවසන් කළ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වෘත්තීය පුහුණු වැඩසටහන දීපව්‍යාප්ත ව ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු – සිසුවියන් 25,000ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඇති අතර අධ්‍යාපන කොට්ඨාසයකින් එකක් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන වශයෙන් දිවයිනේ තෝරාගත් පාසල් 300කට ආසන්න සංඛ්‍යාවක දී මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෘත්තීය පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී…
පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව, ගලිගමුව අවධි නගර ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු වැඩසටහන ඇරඹීම වෙනුවෙන් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එක් විය. එම වැඩසටහනේ පළමු වර්ෂය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල මිලියන 750 කි. කෑගලු දිස්ත්‍රික්කය ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වශයෙන් සංචාරක ආකර්ෂණයක් සහිත වන අතර භූවිෂමතාව සහ වෙනත් සුවිශේෂී සංස්කෘතික වටිනාකම් රාශියකින් යුතු දිස්ත්‍රික්කයකි.
ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වනවිට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත. ඒ මහතා සිද්ධිය සම්බන්ධව රහස් ප්‍රකාශයක් ලබා දීමටද සිය කැමැත්ත පළ කර තිබුණා.
මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්තනෝමතික ලෙස සිදු කළ බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවේ සාමාජිකයින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමට කමිටුව හමුවේ කැඳවනු ලැබුවා. එහිදි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ සදාචාරාත්මක නොවන ලෙස අගවන්නේ මෙම අවස්ථාවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රමාණයද නැතහොත් වැඩිකිරීම ද යන්නයි. එහිදි රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර ඇති වූයේ මෙවන්…
සිය අස්වැන්න සදහා සහතික මිලක් ඉල්ලා ඉන්දියාවේ ගොවීන් නැවත වරක් විරෝධතා පාගමනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ විරෝධතා අතුරතුරදී තරුණයෙකු මියයාමත් සමග සිය වර්ජනය අත්හිටුවීමටයි ඉන්දීය ගොවීන් තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් සිය ගැටලු සදහා තවමත් ඉන්දීය රජය විසදුම් ලබානොදීම හමුවේ නැවත වරක් නවදිල්ලි අගනුවරට විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට ඉන්දීය ගොවි ජනතාව තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ වන විට දිල්ලි දේශසීමා අසල දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා. පසුගිය පෙබරවාරි මස මුලදී ගොවීන් සිය විරෝධතා පාගමන ආරම්භ කළ අතර ඒ සදහා පංජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින්…
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්ත වනවා. ඒ අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය 165 ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 159ක් ලෙස ද එම අගය සටහන්ව තිබුණා. එමෙන්ම, ගාල්ලේ වායු තත්ත්ව දර්ශකයෙහි අගය 158 ක් ලෙස සටහන් වනවා. වායු තත්ත්ව දර්ශකයෙහි අගය 150 ත් 200 ත් අතර මට්ටමේ පවතීනම් එය අවදානම් තත්වයක් වන අතර, 100 ත් 150 ත් අතර අගයක පවතී නම් එය, දරුවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඇතුලු වයෝවෘද්ධ පුද්ගලයන්ට අවදානම් මට්ටමක් ලෙස සලකුණ ලැබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222