- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන, රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් “සිට්රස්” (Citrus) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්රස් හෝටලයේ “සිලෝන් කරි ක්ල්බ්” (Ceylon Curry Club) අවන්හලෙහි සේවය කරන සූපවේදීන් පිරිසකි. මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි . මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ . මෙම ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 දින එම විවාහ…
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීම සඳහා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම අද (06) එස්. යූ. බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය. එම තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට සැලසුම් කර ඇති බව අදාළ පෙත්සමෙහි සඳහන් ය.
අද (06) උදෑසන කාලයේදී හුංගම කහදමෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යැවීමේදී මියගොස් ඇත. කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මරණකරු සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. හුංගම පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා තවත් දින පහක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත අද දැනුම් දී ඇත. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරක් රඳවා ගත හැකි අතර, දින 90 බැගින් ලබා ගත් රැඳවුම් නියෝග ප්‍රකාරව ඔහු දින 360ක් රඳවා සිටි බවයි. ඒ අනුව ඉතිරි දින පහ රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති බව ද එහි නිලධාරින් අධිකරණයට ප්‍රකාශ කළා.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ඊයේ (05) වාර්තා වූ අතර පසුව ඒ මිල ඩොලර් 2,130ක් ලෙස සමනය විය. පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් ඇති අතර මාස 06ක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. අවුරුද්දක කාලය සැලකූ විට රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබේ. රන් මිල මේ විදිහට කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන්…
2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ කටුක සිදුවීම් පාදක කොටගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් කෘතියක් රචනා කර ඇත. මෙම කෘතිය හෙට නිල වශයෙන් එළිදක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පාතාල කල්ලි සාමාජිකයෙකු වන මන්න රමේෂ් නමැත්තාව ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සදහා ඉදිරියේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඩුබායි සදහා පිටත්ව යාමට නියමිතව ඇති බව සදහන්. අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදු වූ මිනිස් ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි මන්නා රමේෂ් නමැත්තා ඩුබායි හි සැඟව සිටින බවටයි පසුගියදා තොරතුරු වාර්තා වුණේ. එමෙන්ම මෙම පුද්ගලයාව මෙරටට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලිසියෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.
2048 වර්ෂය වන විට ප්රගතිශීලි ආර්ථිකයක් තුළින් පුරවැසියන්ගේ සමෘද්ධිය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජයට සැලසුමක් ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අමෙරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරි ආයතනයේ සහ කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ උපාධි උත්සවය ආමන්ත්‍රණය කරමින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222