- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (06) සිදු විය. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කෙරුණු අතර එකවර සිසුන් 5000කට පමණ එක්රැස් විය හැකි සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව ශ්‍රවණාගාරය ඉදි කිරීමට නියමිතය. නව ශ්‍රවණාගාරයට මුල්ගල් තැබීම වෙනුවෙන් විද්‍යාලයේ පැවති උත්සවයේ දි අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සහභාගී වී ඇති අතර එහිදී ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවට ලක් වී ඇත.
එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ මධ්‍යම ආදායම්ලාභී රටවල්හි අධ්‍යක්ෂ ඇඩ්රියානා ජිමෙන්ස් කුලුන් ඇතුළු පිරිසක් දෙදින නිල සංචාරය සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හමුවී සාකච්ඡා කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. 2003 වසරේ සිට මෙරට ළමුන්ට උපතේ සිට ලබාදෙන එන්නත් වැඩසටහනේදී සහනදායි මිලට ඒවා ලබාදීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානය මැදිහත්ව කටයුතු කරනවා. එම සන්ධානයේ නියෝජිතයින් එන්නත් ගබඩා කිරීම හා ශීතදාමය ආරක්ෂා කිරීම පිළිබඳව නිරීක්ෂණය කිරීමට නියමිත බව ද සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බවට වාර්තා වනවා. එහිදි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙපාර්ශවය අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ. එමෙන්ම පක්ෂය තුළ පවතින ගැට`ඵ පිළිබද සාකච්ඡා කිරීමටත්, පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණය ද යන්න පිළිබදත් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවට දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයි එම් එෆ් හි දෙවන සමාලෝචනය අද ආරම්භ වනවා. මේ අනුව එහි ආරම්භක රැස්වීමක් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතයි. ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සදහා ගන්නා උත්සහයේ වැදගත් සන්ධිස්ථානයක් මෙහිදි සනිටුහන් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ. එමෙන්ම එය තුන්වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.
යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සිට ඇති අතර නෞකාවේ ආරක්ෂකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයෙක් කටයුතු කර ඇති බව සදහන්. ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම හූති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති අතර ගාසා තීරයේ පවතින ඊශ්‍රායල හමාස් යුදගැටුම්වලදී පලස්තීනුවන්ට සහය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති කැරලිකරුවන් පෙන්වා දෙනවා.
යුද හමුදාවට අගෞරව වන ආකාරයේ මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් වන ආකාරයෙන් පුවතක් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පරිගණක අපරාධ අංශය ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුව මුදාහරින ලෙස ඇප ඉල්ලීමක් සිදු කළද අතර මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීමේ අසාර්ථක උත්සහයකට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු දුරකතන දත්ත විශ්ලේෂන ඔස්සේ සිදුකළ විමර්ශනයක දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හරක්කටාට පැනයාමට තැත්කල මෙහෙයුම විදෙස්ගතව මෙහෙයවූ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සමග ද මෙම පොලිස් සැරයනවරයා වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් කටයුතු කර ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී තිබේ.
වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආධාර ලබන වෙනත් හැකියාන් සහිත පුද්ගලයින් 410,000ක් සඳහා මාසිකව රුපියල් 7,500 බැගින් දීමනාවක් ද වකුගඩු ආධාර ලබා පුද්ගලයින් 50,000ක් සඳහා රුපියල් 7,500 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතය. ඊට අමතරව වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් 820,000ක් සඳහා රුපියල් 3,000 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතව තිබේ. මෙම දීමනා මේ වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට 2025 වසරේ මාර්තු 03 වන දින දක්වා ගෙවීම් සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222