- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
තමා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. අදාළ නිවස සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබාදීමට වසර 2 හමාරකට පෙර තමා එම නිවසෙන් පැමිණි බව අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියා. එම නිවස තමා ලබා ගත්තේ ඇමතිවරයෙකුගෙන් බවත් පසුව එය පිළිසකර කර තමා එහි ජීවත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියා.
බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී එහි ආචාර්යවරයෙක් සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබේ. මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයාගේ ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ දිනවල පැවැත්වෙන එම වෛද්‍ය විද්‍යාලයේ විභාගයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. එහිදී ෂරීෆ් සහ 23 හැවිරිදි වෛද්‍ය සිසුවා අතර ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ෂරීෆ් විසින් සිසුවාට වෙඩිතබා තිබුණි. එහි උණ්ඩය සිසුවාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇති අතර එහෙත් ඔහුගේ දණිස්සට සහ පාද තුවාල වී ඇති බව වාර්තා විය.
කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙසට අභියොග කර තිබෙනවා. මෙහිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ජෝ බයිඩන් සමග ඕනෑම අවස්ථාවකදී සංවාදයකට සූදානම් බවටයි. කෙසේ වෙතත් ජෝ බයිඩන් මැතිවරණයට පෙර කිසිදු විවාදයක් සදහා මෙතෙක් එකඟ වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.
සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී කතාවක් ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වේ. මෙලෙස නැවත දෑත් හිමිව ඇත්තේ චිත්‍ර ශිල්පියෙකුටය. මෙම සැත්කමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙයයි. සැත්කම සාර්ථකව නිමවූ පසුව සමූහ ඡායාරූපය ගැනීමේදී චිත්‍ර ශිල්පියා සිය අලුත් දෑතේ මහපට ඇඟිලි ඉහළට ඔසවමින් ස්තූතිය පුදකළ අයුරු දැකගත හැකිවිය.
නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. ධර්මසේන මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ඔහු කියා සිටියේ, විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි.
2024 මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ. ”ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” තේමා පාඨය කර ගනිමින් පවත්වන මෙවර ජාතික කාන්තා දිනයට සමගාමීව කාන්තාව සවිබල ගැන්වන යෝජනා රැසක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළාය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222