- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
ත්‍රිවිධ හමුදාවේ නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීමේ කාලය අවුරුදු 45 සිට අවුරුදු 55ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ අනුව මෙතෙක් නිලධාරිනියන්ට ලබා ගැනීමට හැකිව තිබූ ඉහළම නිලය මේජර් තනතුර වන අතර, ඉදිරියේදී එය මේජර් ජනරාල් දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළා.
නයිජීරියාවේ කුරිගා නගරයේදී පාසල් සිසුන් 100කට අධික පිරිසක් පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා. කොල්ල කරුවන් පිරිසක් විසින් ගිනි අවි සමග යතුරු පැදි වලින් පැමිණ මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස පැහැරගත් පාසල් සිසුන් අවුරුදු 08ත් 15ත් අතර වයස් වල පසුවන අතර, ඔවුන් සමග ගුරුවෙරයෙකුද පැහැරගෙන තිබෙනවා. කප්පම් ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඇෆ්ඝනිස්තාන පිතිකරු නූර් අලී සඩ්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 2009 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනූ ඔහු ටෙස්ට් තරග දෙකකදී, එක්දින තරග 51 කදී හා විස්සයි 20 තරග 23 කදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළා. නූර් අලී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ දී යි. එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරාජයට පත් වුණා. නූර් අලී ලකුණු 1,216 ක් එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලබා ගෙන ඇති අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 24.81 ක් ලෙසයි. විස්සයි 20 තරගවලදී ලකුණු 597 ක් රැස් කළ ඔහුගේ සාමාන්‍ය 27.13 ක්. ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකම මාසයක් ඇතුළත ක්‍රීඩා කළ…
කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබෙනවා. එහිදී එම පවුලේ මව සහ දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇත. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා 19 හැවිරිදි ෆේබි්‍රයන් ද සොයිසා නැමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. මෙම පිරිස ඝාතනය පළමුවෙන් වෙඩි තැබීමක් ලෙස එරට පොලීසය දක්වා තිබුණද, පසුව මෙම ප්‍රකාශ කළේ තියුණු ආයුධයකින් මෙම ඝාතන සිදු කර ඇති බවයි.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2024 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එසේම එම මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 16.88 සහ සියයට 113.92 වර්ධනයක් බව සඳහන්.
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර, වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බවයි. ඒ අනුව, උණුසුමට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාම්වල නිරත වීම තුළින් විජලන තත්වයක් හෝ මස්පිඩු පෙරලීමද ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ. මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වැඩබිම් වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි…
රටක් ලෙස අසීරු කාලයේ අවසන් කොටස අප ගතකරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගිය අභියෝගාත්මක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක්කර පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs Prez” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙල හේතුවෙන් අද රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහි නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. එමෙන්ම ඉදිරියේදී මැතිවරණ පවත්වන බැවින් කාටූන් ඇඳීමට තවත් මාතෘකා ලබාදෙන බවද ඒ මහතා…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙවර කාන්තා දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මෙවර කාන්තා දිනයට සාපේක්ෂව ක්ෂුද්‍ර මුල්‍ය ණය බරින් මිරිකි සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙසයි මහා ශිව රාත්‍රිය සැලකෙන්නේ. හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් අලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයේදියි.
වැට් බදු පැනවීමක් සිදු නොවුනේ නම් ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීමට හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් 50 කින් පමණ අඩු කිරීමට එමගින් හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විදුලිබිල අඩු කිරීමේ වාසිය ජනතාවට හිමිවිය යුතු බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222