Author: Kesara Athipola

උග්‍රවන දේශගුණික විපර්යාස හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය යළිත් වරක් හානිවීමේ අවදානමකට ගොදුරු වෙමින් පවතින බවට විද්‍යාඥයන් සඳහන් කරනවා. එය මීට පෙර හානියකට ලක්වූ අවස්ථා ගණන 5ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පැසිෆික් සාගරයේ ජල මට්ටමේ පැවතිය යුතු උෂ්ණත්වය තිබියදීත් කොරල්පරය ක්ෂය වීම පුදුමයට කරුණක් බව ද විද්‍යාඥයින් පෙන්වාදී තිබෙනවා.

තව කියවන්​න

තම හමුදාව විසින් ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා. ඒ හරහා පලස්තීන ජනතාවට දිනකට ලබාදෙන තාවකාලික මානුෂීය ආධාර ප්‍රමාණය ඉහළ නවා ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

තව කියවන්​න

එළඹෙන සඳුදා දිනයේදී පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට ණය පිළිබදව ආණ්ඩුවේ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂය ද සම්බන්ධ කරගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පිළිතුරු දෙමිනුයි ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ. Press Vs Prez කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.

තව කියවන්​න

තම වෘත්තිය ගැටඵ සදහා තවමත් නිසි විසදුම් ලැබී නොමැති බවට සෞඛ්‍ය සේවකයින් පවසනවා. මේ අනුව රජය විසින් තම ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබානොදුනහොත් එළඹෙන 19 වන දා සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සදහන් කළේ.

තව කියවන්​න

කැබ් රථයකින් ගංජා කිලෝග්‍රෑම් 160ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව බුත්තල ඔක්කම්පිටිය  මාලිගාවිල මාර්ගයේ 17 හංදිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර  ඇත්තේ. සැකකරුවෙකු  මොනරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

රන් පැහැති කඩුවක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (07) සවස ලුණුගම්වෙහෙර පොලිස් වසමේදී කතරගම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී කැබ් රථයකින් අදාළ රන් පැහැති කඩුව ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කඩුව සමග අත්අඩංගුවට ගත් සැකකරු 62 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව සඳහන්.

තව කියවන්​න

ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

තව කියවන්​න

රුපියල් ලක්ෂ 62ට ආසන්න මුදලක් වංචා කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාගොඩ, කඳාන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකින් රබර් අත් මේස් ලබා ගෙන ඊට මුදල් ගෙවීම පැහැර හැර ඇති බවටයි පැමිණිලි ලැබී තිබුනේ. අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහුව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා. කොළඹ දී මෙම හමුව පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති අදාළ සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට පෙර සන්ධානගතවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් පක්ෂ දෙකේ දේශපාලන ක්‍රියාකාරකම් වේගවත් කිරීමටත්, අවදානයට ලක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පොදු පදනමක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා වී ඇති…

තව කියවන්​න