Author: Kesara Athipola

දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීම සඳජා හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර එකඟතාවක් ගොඩනගා ගනීම අසාර්ථක වී තිබෙනවා. බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති කරගැනීමට සාකච්ඡා සිදුකළ ද, දෙපාර්ශවයම ඊට එකඟතාව පළ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු මැදිහත් රටවල් මේ පිළිබඳ තවත් සාකච්ඡා වටයක් ඇරඹීමට සූදානමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

දිනපතා බිමත්ව පැමිණෙන පියාගෙන් සිදුවන හිරිහැර හේතුවෙන් පාසල් සිසුවියන් දෙදෙනෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර පරිවාස අධික්ෂණය යටතේ යලිත් එම සිසුවියන් දෙදෙනා මිත්තණිය වෙත භාර දිමට පියවර ගන්නා බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය. දිඹුල පතන පොලිස් වසමට අයත් තේ වත්තක පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩ වල පසුවන මෙම පාසල් සිසුවියන් දෙදෙනාගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත්, පාසල් සිසුවියන් දෙදෙනා මිත්තණිය භාරයේ සිටි බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ. පියා දිනපතා අධික ලෙස බිමත්ව පැමිණ මිත්තණියට සහ තමුන් දෙදෙනාට කැගසමින් බැන වදින බවත්, එම තත්ත්වය මත තමන් දැඩි භිතියෙන් නිවසේ සිටින බවට එම පාසල් සිසුවියන්…

තව කියවන්​න

පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්,මත්පෙති 2,950ක් සහ මුදල් රුපියල් 86,000ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී තිබේ.

තව කියවන්​න

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු විසින් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට පසුගියදා භාරදෙනු ලැබුවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එම යෝජනාව විවාදයට ගන්නා දිනය ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

තව කියවන්​න

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නීරීක්ෂය යටතේ, උතුරු කොරියානු හමුදාව විසින් කාලතුවක්කු අභ්‍යාසයක් සිදුකර තිබෙනවා. යුද තත්වයකදී ප්‍රහාරත්මක වේගය ඉහළ නංවාගැනීම සඳහා සූදානම් වන ලෙස මෙහිදී උතුරු කොරියානු නායකයා හමුදාවට දන්වා ඇති අතර ෂෙල් වෙඩි, බහුවිධ රොකට් විදින, සහ ස්වයංක්‍රීය කාලතුවක්කු උණ්ඩ, කහ මුහුද දෙසට එල්ල කරමින් මෙම අභ්‍යාසය සිදුකර ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

මහා ශිව රාත්‍රී දින පණිවිඩය. ලොව ජීවත්වන සියලුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ දී සිහිපත් කරනු ලබයි. එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා යන අර්ථයෙන් යුතුව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මේ සමඟ එක් වෙති. ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ රටේ ජනතාව ඉන් මුදා ගැනීමට පසුගිය වසර දෙක තුළ රජය මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේය. හින්දු ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේම සශ්‍රීකත්වයේ අපේක්ෂාවන් ඉටුකරමින් අද එම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා පැමිණෙමින් තිබේ. මහා ශිව…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී පැවති සාකච්ඡාවේදීය.

තව කියවන්​න

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 1931 වසරේ සිට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත විශේෂ පුවරුවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එය නිරාවරණය කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් “ඇය වෙනුවෙන් සමතාවය සහ සමානාත්මතාවය” යන්න තේමා කරගනිමින් සැමරුම් වැඩසටහනක්ද ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

තව කියවන්​න