Author: Kesara Athipola

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා . විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි . එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා . අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බව විදෙස් වාර්තා සඳහන් කළා . මේ අතර ජෝර්දානය පවසා ඇත්තේ තම ගුවන් යානයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනගහනයෙන් හතරෙන් එකක්…

තව කියවන්​න

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි අඩු වීමක් සිදුව තිබෙනවා. ගොවුණු සතිය තුළ බොරතෙල් මිල දැක්වුණේ ඩොලර් 81 ක් ලෙසයි ඊයේ එහි අගය ඩොලර් 78.69 ක් ලෙස පහළගොස් තිබෙනවා. මාර්තු පළවනදා සිට මේ දක්වා තෙල් මිල පැවතියේ ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයකයි.

තව කියවන්​න

අනුරාධපුර – රඹෑව මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී, සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි තරුණයින් පිරිසක් යටකර පලාගිය කැබ් රථය එහි සිටි තුන්දෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය – යාපනය මංසන්ධියේදී පොලිස් භාරයට ගත් මොවුන් ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන්ද අදාළ සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ. කැබ් රථය පැදවූ තරුණයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මෙම අනතුරින් අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු මියගියා . තවත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර…

තව කියවන්​න

රට ඉදිරියට ගෙන යාමට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නව වැඩ පිළිවෙලක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා . කොළොඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකලා .

තව කියවන්​න

ජාතික ජනබලවේගය සියලු පක්ෂ අභිබවා සිටින බවට සියලු සමීක්ෂණ වලින් හෙළිව ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා . ඕනෑම පුද්ගලයෙකුට ඒ පිළිබදව සැකයක් ඇත්තනම් මුදල් ගෙවා සමීක්ෂණයක් කරගත හැකි බවයි ඒ මහතා ජනරැලියක් අමතමින් කියාසිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 3වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද පස්වරු 2.30ට පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ වන විට කණ්ඩායම් දෙකම 1ට 1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනවා. මුල් තරඟ දෙක ක්‍රීඩා කිරීමට තහනමක් පනවා තිබු ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක වනිදු හසරංග අද දින කණ්ඩායම මෙහෙයවනු ලබනවා. මේ අතර ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තව කියවන්​න

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ මුවාවෙන් මැතිවරණ කල්දැමීමට කිසිසේත් ඉඩ ලබනොදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . කවුරු කුමක් පැවසුවත් මීලග මැතිවරණයකින් ජය ගන්නේ සමගි ජනබලවේගය බවයි ඒ මහතා කියාසිටියේ .

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (08) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

තව කියවන්​න

වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා  සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පුර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ. අති නවීන තාක්ෂනය යටතේ ස්වයක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදා ගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්ත ශාලාව සමන්විත වේ. මීට අමතරව දැනට භාවිතයේ පවතින පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට…

තව කියවන්​න