- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (09) පැවැත්වෙන 03වැනි සහ අවසන් පන්දුවාර 20/20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 35කදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. එයට හතරේ පහට 04ක් සහ හයේ පහර 01ක් ඇතුලත් වුණා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදායින් ආරම්භවන පාර්ලිමේන්තු සතිය තුළදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. විශ්වාසභංග යෝජනාව පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබූ අතර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින 5 කට පසු එය විවාදයට ගැනීමේ හැකියාව පවතී. පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 19 වනදා වන අතර, ඒ අනුව අදාළ සතිය තුළදී එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති බව ද වාර්තාවනවා. කෙසේ වෙතත් ඊට අදාළ අවසන් තීරණය අනිද්දා හෝ ලබන 18 වනදා කැඳවන පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව කැරට් 24 රන් අවුන්සයක් ඩොලර් 2,178.8ක් ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් මෙරට රන් මිලේ වෙනසක් සිදුව නොමැති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික බාල සුබ්‍රමනියම් සඳහන් කළේ.
බිත්තර ලක්ෂ 400ක් උත්සවය සමය වෙනුවෙන් එළෙඹෙන සතියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරනවා. ඒ අනුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා. මෙම බිත්තර ලක්ෂ 400 සඳහා අදාළ ආනයනකරුවන් සඳහා ඇනවුම් භාර දීම මේවන විට සිදු කර තිබෙනවා.
පොලිස්පතිධුරය දැරියහැකි ස්ථාවර කාලසීමක් හදුන්වාදීම පිළිබදව රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඒ සදහා වසර තුනක ස්ථාවර කාලයක් හදුන්වාදීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමටයි තීරණය කර ඇත්තේ. ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
සෙවනගල සීනි සමාගමේ උක් ගොවීන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. සීනි සමාගමේ පාලනාධිකාරිය විරෝධතාවට එක්ව සිටි ගොවීන් කිහිපදෙනෙකු සමග කළ සාකච්ඡාවකින් පසුවයි විරෝධතාව අවසන් කර ඇත්තේ. සෙවනගල උක් ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේදී සිදුවන පාඩුවට විසදුමක් ලබා දෙන ඉල්ලා මෙලෙස ගොවීන් මෙලෙස විරෝධතාවක නිරතව සිටියා.
ටික්ටොක් තහනම් කළ හැකි පනත් කෙටුම්පතක් ඇමෙරිකාවේ ඉහළ පෙළේ කමිටුවක් මගින් අනුමත කර තිබෙනවා. එමගින් සියලු ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා ටික්ටොක් භාවිතය වෙනුවෙන් තහනමක් පැනවිය හැකියි. ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් දළ වශයෙන් ඇමෙරිකානුවෙන් මිලියන 170කට අධික පිරිසක් භාවිත කරනවා.
කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බවයි ඔහු පැවසුවේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මේ බව පැවසුවේිස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222