Author: Kesara Athipola

සංචාරක ස්කොට්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 09.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර විස්සයි විස්ත තරඟ තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

අද දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිකුත් කළා. ඒ අනුව අද දිනයේදී බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තව කියවන්​න

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරුවා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත. දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

තව කියවන්​න

රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සඳහා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම සහභාගී කරවා ගන්නා බවත් එහි මුලික පියවර අද දිනයේ සිට ආරම්භ කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කලා.

තව කියවන්​න

කල්පිටිය, කන්දකුලිය ධීවර තොටුපලින් ඉකුත් 6 වනදා මුහුදුගොස් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි ධීවරයින් තුන්දෙනා හා යාත්‍රාව යළි ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. එම ධීවරයින් සදහන් කළේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඉන්දීය මුහුදු සීමාවේ පාවෙමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් තම යාත්‍රාව මුදා ගත් බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. බංග්ලාදේශ කණ්ඩායමේ ආරධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් රැස් කළා. ඒ අනුව තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 175කි.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

තව කියවන්​න

වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. මෙම ගැටලුවට ගත යුතු තීරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විදියට එහිදී සාකච්ඡා කරන බවත් ඒ සඳහා මේ ගැටලුවට අදාල සියලු විද්වතුන් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරිය මෙහිදී ප්‍රකාශ කළා. වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමතිවරිය මේ බව සඳහන් කළා.

තව කියවන්​න