- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට බලාපොරොත්තු වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මෙම නව පනත් කෙටුම්පතේ නිශ්කාශණ කටයුතු සදහා නීති දෙපාර්තමේන්තුව වෙත මේ වන විට යොමු කර ඇති බවටයි ඒ මහතා කියා සිටියේ. ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ. මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බවද කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.
අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභ ජූනි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන 15 වනදා අවසන් වන අතර, ඒවා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් පසු ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඉන් අනතුරුව ප්‍රතිලාභ ගෙවීම් සිදුකෙරෙන බව අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිදෙනෙකු ඊයේ (10) දින සිදුකළ වැටලීමකදී බෙලිමුල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 714ක්, බී.ඩි. කොළ කිලෝ 02 යි ග්‍රෑම් 499ක් හා මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 22 හා 53 වයසේ පසුවන අවිස්සාවේල්ල, පල්ලේවෙල හා කලගෙඩිහේන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
ICC ටෙස්ට් ශූරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමිකරගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. එම ශ්‍රේණිගතකිරීම්වල දෙවන සහ තුන්වන ස්ථාන පිලිවෙලින්, නවසීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමි කරගෙන ඇත. මෙම ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳන් කළා.
යුක්තිය මෙහෙයුම හා සමගාමීව අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.
ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (10) ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය 40 හැවිරිදි කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන ඒමට ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවී ඇත.
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී පූර් තින්ග් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඕපන්හයිමර් චිත්‍රපයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටයි සමත් වුණේ. මෙහිදී හොඳම අධ්‍යක්ෂණය ලෙස තේරී පත් වුණේද ඕපන්හයිමර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝෆර් නෝලන් වීම විශේෂත්වයකි. එහිදී හොඳම සහාය නිළිය ලෙස ඩ’වයින් ජෝ රැන්ඩොල්ෆ් ද හෝල්ඩ්ඕවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ඕපන්හයිමර් චිත්‍රපයේ රඟපෑ රොබට් ඩව්නි ජූනියර් විසින්.
වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝග්‍රෑහ් එකක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ වන බවයි වාර්තා වන්නේ. පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු අනායනය ඇනහිට ඇති බව සඳහන්. ලොකු ලූනු අනයනකරුවන් පවසන්නේ රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල දී ගැනීමට සිදුවිය හැකි බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222