Author: Kesara Athipola

වෙරළබඩ කලාපයන්හි සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව මෙතෙක් කල් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නීල ධජ වෙරළ තීරයන් ස්ථාපිත කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී. රැකව මහතා කඩිනම් පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ හා ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහි පළමු අදියරය යටතේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයට ලක්ව ඇති ගාල්ල උණවටුන, ආරුගම්බෙ, පාසිකුඩා සහ බෙන්තොට යන වෙරළ තීරයන් නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිර්‍රිම සඳහා පියවර ගෙන තිබේ. මෙම නීල ධජ වෙරළ තීරයන් බවට පත්කිරීමට අවශ්‍ය සහතිකකරණයේදී ජල…

තව කියවන්​න

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ජනක රත්නායක පෙරටු කර ගත් සිවිල් සංවිධානය පෙරමුණ අද සිය කාර්යාලය විවෘත කළා. ඒ කිරුළපන සෝමා දේවි පෙදෙසේ පිහිටි ජනක රත්නායක මහතාගේ ගොඩනැගිල්ලේදි. මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කරමින් මෙහිදී ආශිර්වාද කළා පසුව උත්සව සභාව ආරම්භ කරනු ලැබුවා. සිවිල් සංවිධාන පෙරමුණ වෙනුවෙන් කතා කිහිපයක්ද මෙහිදී පැවැත්වූ අතර ඉන් පසුව ජනක රත්නායක තම කතාව ආරම්භ කරමින් පැවසුවේ සිස්ටම් චේන්ජ් නොවේ නව සිස්ටම් එකක් ඇතිකර යුතු බවයි.

තව කියවන්​න

ජනවාරි මාසය තුළ රුපියල් කෝටි 1985ක එළවළු ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා කරුණු අතිශයෝතියෙන් හුවා දැක්වීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මහ බැංකු වාර්තාවක් පදනම් කර ගනිමින් එක්තරා මහචාර්යවරයකු සිදු කර ඇති ප්‍රකාශයකට අනුව අදාළ මාධ්‍ය වාර්තා සකස් කර තිබේ. ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට එළවළ ආනයනය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 33.8ක් හෙවත් රුපියල් කෝටි 1050ක පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එසේ ම අදාළ එළවළු කාණ්ඩයට පරිප්පු සහ ලූනු ද අයත් වන බව මහ බැංකු වාර්තාවේ ද පැහැදිල ව ම දක්වා තිබෙන අතර ආනයනය කර ඇති එළවළු අතරින් 90%ක්…

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කර ඇත. සැකකරු මැඩගස්කර රාජ්‍යයේදී 2023 මාර්තු 13 දා අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ලබාගෙන විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මේ අනුව කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හිමිකරගෙන ඇති අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ චරික් අසලංකයි. පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිදු හසරංග සහ චාමික කරුණාරත්න සංචිතයට කැඳවා තිබෙනවා. එමෙන්ම දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, දිල්ශාන් මධුශංක, ලහිරු කුමාර සහ ප්‍රමෝද් මධුශාන් එක්දින සංචිතයට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර මේ අනුව එහි පළමු තරගය මාර්තු මස 13 වන දා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවල තරගකාරිත්වයක් පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය අතර බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා. කුමන පක්ෂයකින් කවුරු ජයග්‍රහණය කළද ඕනෑම දේශපාලන පක්ෂයක් සමග එක්ව කටයුතු කිරීමට තමන්ට හැකි බවයි දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ.

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන නදුන් චින්තක නමැත්තා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අධිකරණ නියෝගයක් අනුව සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම අවසන් වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම නදුන් චින්තක නමැත්තා වෙනත් නඩුවක් සදහා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද එහිදි නියෝග කර ඇති බව සදහන්. හරක් කටා හෙවත් නදුන් චින්තක ඇතුඵ සැකකරුවන් 8 දෙනෙකු පසුගිය වසරේ මාර්තු මාසයේදි මැඩගස්කරයේ ගුවන් තොටුපලකදී අත්අඩංගුවට ගැනුණා. මේ අනුව එහිදි අත්අංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධකරුවකෙු වන සලිදු මල්ෂික හෙවත් කුඩු…

තව කියවන්​න

කතාව නොව වැඩ කිරීමට මූලිකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. බොහෝ පුද්ගලයින් විවිධ මත පළකරමින් ජනතාව මුලා කිරීමට කටයුතු කළද වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ රට ගොඩනැගීම මූලික කරගත් වැඩපිළිවෙලක් අනුව බවයි ඒ මහතා ඊයේ දින කුරුණෑගල පැවති ජනරැළියට එක්වෙමින් කියා සිටියේ.

තව කියවන්​න

අද දිනයේදී අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ග බස්රථ සේවක සංගමය පියවර ගෙන තිබෙනවා. පවතින කාලසටහනට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බවයි එහි ලේකම් නිලංග සඳරුවන් මහතා කියා සිටියේ. මෙම කාලසටහන සංශෝධනය කිරීමට බලධාරින් පියවර නොගතහොත් එළඹෙන 18 වන දා සිට ගාල්ලෙන් බස්රථ වර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ

තව කියවන්​න