Author: Kesara Athipola

ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාව ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවයි. ටික්ටොක් යෙදවුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම පිළිබඳ තමා එකඟ වන නමුත් ෆේස්බුක් ද අමෙරිකානු රජයට තර්ජනයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. 2020 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී ටික්ටොක් තහනම් කිරීමට උත්සහ කර තිබිණි.

තව කියවන්​න

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා. ඒ අනුව ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඔවුන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනුමිනුයි මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ. මෙරට ජනතාව ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියානු ජාතිකයෙකු විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම…

තව කියවන්​න

මැදවච්චියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන ගිය ස්ථාන තුනක සිදු කල වැටලීමකදී හිමිකරුවන් තිදෙනෙකු හා එහි සේවාවන් සැපැයූ සැකකාරිණියක් 09 දෙනෙකු ඊයේ (11) සවස අත් අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පැවැසූහ. මැදවච්චිය නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන දෙකක හා වහමලුගොල්ලෑව පිහිටි එක් සම්බාහන මධ්‍යෂ්තානයක මෙම වැටලීම සිදු කර ඇත. දිගින් දිගටම මහජනතාවගන් ලද තොරතුරු පදනම් කර ගනිමින් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා විසින් ක්‍රියාත්මක කළ හදීසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත. මැදවච්චිය පොලිසිය විසින් සිදු කල මෙම වැටලීමෙන් අත් අඩංගුවට ගත් සැකකාරිණියක් 09 දෙනා සහ හිමිකරුවන් 03 තිදෙනා අද(12) දින මැදවච්චිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තව කියවන්​න

පොලිස් විශේෂ කාර්යාංශය භාරව සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අදාළ උසස්වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි 29 වනදා සිට බලපැවැත්වෙන ලෙස සිදුකර ඇත.

තව කියවන්​න

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා වන Chen Xiangyuan මහතා අතර විශේෂ හමුවක් අද (11) සවස පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Jin Enze, ජාතික නිදහස් පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

තව කියවන්​න

පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 25 වනදා සුලවේසි සිට ජකර්තා අගනුවර දක්වා පියාසර කරමින් සිටියදී මිනිත්තු 28 ක පමණ කාලයක් අදාළ නියමුවන් දෙදෙනාට නින්ද ගොස් තිබු බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ. කෙසේ වෙතත් මේ වන විට ගුවන් නියමුවන් දෙදෙනාගේම සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

තව කියවන්​න

මහියංගණ, දඹාන, කුකුලාපොල ප්‍රදේශයේ විහාරස්ථානයකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැති අතර, විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරය දෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. විහාරාධිපති හිමියන් ඒ සම්බන්ධයෙන් මහියංගණය පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර වෙඩි තැබුවේ කවුරුන්ද යන්න සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

තව කියවන්​න

යුක්තිය මෙහෙයුමට සමගාමීව මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ කටුවැල්ලගම, පේරලන්දවත්ත, යකහටුව, ගනේමුල්ල යන ප්‍රදේශවල විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් විය. මෙම සැකරුවන් ළඟ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 490ක්, ගංජා මිලිග්‍රෑම් 3000ක්, කසිප්පු බෝතල් 20ක්, අයිස් මිලිග්‍රෑම් 16535ක් සමග සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ ගම්පහ කොට්ඨාස භාර නාලක සේනානායක මහතා සමග මිනුවන්ගොඩ පොලිසි ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක N.S ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම සිදු කෙරුණි. මෙම මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් හෙට දින මිනුවන්කොට අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිත බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් අංශයේ…

තව කියවන්​න

නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් ධාවන තරගයකට එක්වූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක් බව සදහන් . ක්‍රීඩා තරගය අතරතුරදී හදිසියේම අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. මේ අතර තිරුක්කෝවිල් රෝහලේදී සිසුවාට නිසි පරිදි ප්‍රතිකාර සිදුනොකළ බව පවසමින් ප්‍රදේශවාසීන් රෝහල අසළ විරෝධතාවයක් දැක්වීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ද හටගත්තා. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන ඇති බව…

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉතා උණුසුම් ලෙස පිළි ගැනීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් ද ඔහු වෙත එක් කළේය. ඉන් අනතුරුව ජාතික ආරක්‍ෂාව මෙන්ම නීතිය සහ සාමය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක ද නිරත විය. දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ අතර ඔහු පසුගිය පෙබරවාරි 29 වැනි දින පොලිස් මූලස්ථානයේදී නව තනතුරේ වැඩ භාරගනු ලැබීය. මෙම හමුවෙහි සුවිශේෂිත්වය…

තව කියවන්​න