Author: Kesara Athipola

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් වන බව එහිදී අවධාරණය කෙරණු අතර, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල් සංඛ්‍යාව වැඩි කීරීම සම්බන්ධව ද අවධානයට ලක්විය. ජාතික ගුරු කවුන්සිලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පතක්ද මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

තව කියවන්​න

මතභේදයට තුඩු දී ඇති පුරවැසිභාවය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ. මුස්ලිම් නොවන පාකිස්තාන, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන සුළු ජාතීන්ට ඉන්දීය පුරවැසිභාවය ඉල්ලීමට අවස්ථාව ලබාදීම එමගින් යෝජිත මෙම පනත 2019 වසරේදී සම්මත වූ අතර එය මුස්ලිම් විරෝධී බව සඳහන් කරමින් මුස්ලිම් ප්‍රජාව ඊට ප්‍රබල විරෝධයක් එල්ල කළේය. ඊට එරෙහිව රටපුරා විරෝධතා ආරම්භ වූ අතර එහිදී කිහිපදෙනෙකු මියගොස් තිබුණි. කෙසේ නමුත් අදාළ රටවල පීඩාවට පත්ව වෙසෙන සුළුතර හින්දු, සික්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්තියානි භක්තිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙය වහාම ක්‍රියාවට නංවන බව ඉන්දීය රජය අවධාරණය කරයි. මෙම නීතිය අදාළ වන්නේ 2014 වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර ඉන්දියාවට පැමිණි…

තව කියවන්​න

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනය වෙත යොමු කර ඇත. ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය අදාළ කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත්ය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී තිබේ.

තව කියවන්​න

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ වෙඩිතැබීමේ සිද්ධි 30ක් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි. අනෙක් වෙඩිතැබීම් 13 පුද්ගලික හේතු මත සිදුකළ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මහතා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තව කියවන්​න

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය තුළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ වැඩසටහන ඊයේ (11) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉන්දියාවේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහාය ඇතිව සංවිධාන කරන ලද මෙම උත්සවයට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ සංවර්ධකයින්, ආයෝජකයින්, නිලධාරීන් සහ පාර්ශවකරුවන් එක් විය. ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති, අත්දැකීම්, ප්‍රතිපත්ති සැලසුම්, නව තාක්‍ෂණය, අභියෝග, අංශ ඉලක්ක සහ විභව ආයෝජන පිළිබඳව සංසදයේ දී සාකච්ඡා කෙරිණි.

තව කියවන්​න

අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලීන් අඩංගු වන අතර, වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වඩාත් වැදගත් සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුරු සහතිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඇතුළුව අනෙකුත් පිළිගත් වෘත්තීන්හි…

තව කියවන්​න

මෙරට ඉදිරි වසර පහ තුළ සිදු කෙරෙන සෞඛ්‍ය සංවර්ධන කටයුතුවලට ලෝක බැංකු ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය තුළින් රුපියල් බිළියන පහකට අධික මුදලක් ප්‍රමාණයක්. උතුරු පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව විශේෂ ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්මකට අනූව සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (11) උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ සෞඛ්‍ය අමාතංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී , දිස්ත්‍රික් මහ රෝහල්, මූලික රෝහල්, දිසා රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙහිදී රෝහල්වල කාර්ය මණ්ඩල අනුමත ප්‍රමාණය වර්තමානය වනවිට ප්‍රමාණවත් නොවන බව රෝහල් බලධාරීන් විසින් පෙන්වා දුන්…

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසයි.

තව කියවන්​න

ගාල්ල, හෝලුවාගොඩ ඉදිකල “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය හෙට (13) සවස 5.00 ට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය . සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පීය අදහසක් අනූව ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකල “සෙරින් රිවර් පාර්ක්” (Serene River Park) පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය  කිරීම 2021 වර්ෂයේදී ආරම්භ කෙරිණි. අක්කර 14 කින් යුත් “සෙරින් රිවර් පාර්ක්” තුල  ළමුන්ට සුව පහසු ක්‍රීඩා කිරීමේ අංගන, ශරීර සුවතා මංතීරු , ජල ක්‍රීඩා සමග බෝටටු සවාරි , දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග අඩංගු පරිශ්‍ර , කුලුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුලු…

තව කියවන්​න