- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. එමෙන්ම, පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මානවහිමිකම් කොමිසමට කැදවනු ලැබූ බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ.
ඉරානය එල්ල කළ මිසයිල බිම හෙළීමට තමන් ඊශ්‍රායලයට උදව් කළ බව ඇමරිකාව පවසනවා. ඊශ්‍රායලයට එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට ඇමරිකාව ද මිසයිල නාශක ප්‍රහාර එල්ල කරමින් සහාය දුන් බවයි පෙන්ටගනය පවසන්නේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඇමරිකාව ක්‍රියාකාරීව ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා සහාය ලබා දුන් බවයි. බරපතල ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා ධවල මන්දිරයේ පිහිටි විශේෂ කාමරයේ තමන් උදෑසන වන තෙක්ම ගත කළ බව බයිඩන් වැඩිදුරටත් පැවසුවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මිසයිල 180ක් පමණ ඉරානය එල්ල කළ අතර ඉන් වැඩි ප්‍රමාණයක් තමන් ව්‍යර්ථ කළ බවයි. ඉරාන ජනාධිපති මසූද් පෙසෙශ්කියන් පවසන්නේ ඉරාන පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහමෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඕහුට පැනවීමේ දී, එය පසුගිය මාස හය ද ඇතුලත්ව පනවා තිබෙනවා. ප්‍රවීන් ජයවික්‍රම දූෂණ විරෝධී සංග්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත්. එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදුකළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ඔහු ලක්ව…
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබේ. අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගවදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට ඊයේ පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්ව තිබෙනවා . ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ”පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් ද අත්සන් කර තිබුනා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වනවා. ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාවලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍රලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද දින සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන 1913 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි. එම දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඉහත සඳහන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබෙනවා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම හමුව සිදුව ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා . ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනී රාජපක්ෂ යන ආරක්ෂක ප්‍රධානීන් වෙන්වෙන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා හමුව තිබෙනවා
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා අවස්ථා දෙකකදී ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ අමත්‍ය විජිත හේරත් මහතයි ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ රමාල් සිරිවර්ධන මහතාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව පසුගිය සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්.
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දහසක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් ඊ – විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දිර්ඝ කිරීමට ද කරුණු සලකා බැලු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇති බව සඳහන්. සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් සහ ඊ – විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට මුල්වූ එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර තිබු රිට් පෙත්සම ඊයේ යළි කැඳවා තිබුණා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222