- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ඉදිරියේදී පළාත් සභා පාසල් මධ්‍යම රජයට ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මැතිණිය පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූවාය. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, උප සභාපති අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සහ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල යන මහත්වරු සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය. මෙහි දී අදහස් දක්වමින් දකුණු කොරියානු තානාපතිවරිය සඳහන් කළේ දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකීය සිසුන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි. එසේම එලඹෙන ජුනි මාසයේදී කොරියානු අධ්‍යාපන ප්‍රදර්ශනයක්…
ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් වන බව තහවුරු වීමත් සමග මැතිවරණ සටන උණුසුම් වී තිබෙනවා. ඔවුන්ගේ නාම යෝජනා පක්ෂ සමුලුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කළ බව පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඊට සහාය පළකිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර ඇත.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු වැඩිවීමක් ඊයේ සිදුව තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 82 යි ශත 69 ක් දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 78 යි ශත 64 ක් ලෙස දැක්වුණා. මේ අතර ඔපෙක් බොරතෙල් නිෂ්පාදනය පෙබරවාරි මාසයේදී දිනකට බැරල් ලක්ෂ දෙකකින් ජනවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබූ බවයි.
පොලිස් නිල ඇඳුමින් සැරසී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් ස්ථානය විසින් භාරයට ගෙන තිබෙනවා. කෙසේවෙතත් පොලිස් ස්ථානයට රැගෙන ආ අදාළ සැරයන්වරයාගේ නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර තිබෙනවා. මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක්. යක්කල, නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාරදෙන ලදී.
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය.
වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වේ. අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.
පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් රුපියල් කෝටි පහකට අධික මුදලකට නීති විරෝධී අයුරින් අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයෙකු මතුගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මතුගම, පැලවත්ත, ලිහිනියාව ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රදර්ශනයට තබා තිබූ ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තු තොගයක් මෙලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවද අනාවරණය වී තිබෙනවා. මෙහිදී පෞරාණික වටිනාකමකින් යුත් රන්, කිරිගරුඬ, රත් හඳුන් ශෛලමය ප්‍රථිමා , කුඩා ප්‍රමාණයේ ඇත් දළ යුවලක්, කළු හා සුදු වර්ණයෙන් යුත් කස්තුරි සහ සෙනර වලිග යුවල්, ඉපැරණි මුදල් නොට්ටු සහ කාසි කිහිපයක් මෙන්ම තවත් පෞරාණික භාණ්ඩ කිහිපයක් වැටලීම කළ නිලධාරීන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222