- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර එකඟතා ගිවිසුමකට අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. එම එකඟතාවය අනුව මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජපානයට යැවීමටත් එරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙරටට පැමිණ වැඩිදුර පුහුණුවීමේ අවස්ථාවත් ඉදිරියේදී හිමිවන බව සඳහන්. මෙරට කණ්ඩායම් ජපානයේ පැවැත්වෙන T20 තරගාවලි සඳහා යැවීමට නියමිත බව සහ LPL කණ්ඩායම් සමග පුහුණුවීමට ජපාන ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඇල්පිටිය ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ මස්සිනා වන බවයි පොලිසිය සදහන් කළේ. පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් මෙම ඝාතනය සිදුකළ බවටයි. මේ අනුව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු එළඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැණුනා. කරන්දෙණිය තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි ගෙල කපා ඝාතනය කළ අදාළ තරුණියගේ මළසිරුර තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී සොයාගැනුණේ පසුගිය 9 වන දායි.
වසර විසි පහකට පසුව සිය සේවකයින්ට යෙන් 28,440ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජපානයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා, පැනසොනික් සහ නිසාන් සමාගම් ද වැටුප් වැඩිකරන ලෙස සිය සේවක වෘත්තීය සමිති කළ ඉල්ලීම් සඳහා සම්පූර්ණ එකඟත්වය ලබාදී ඇත. අදාළ පාර්ශ්වයන් අතර වැටුප් සම්බන්ධයෙන් පැවැත්වෙන වාර්ෂික සාකච්ඡා සාර්ථකව නිමවූ බව සඳහන් ය.
මහනුවර පැරණි බෝගම්බර හිර ගෙදර පරිශ්‍රය නිකරුනේ අත්හැර දමා තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසන බවට ඇතැම් මාධ්‍ය පළ කර තිබූ වාර්තා අසත්‍ය බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.ඒම්.එස්.බී. ඒකනායක මහතා පවසයි. මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සම්බන්ධයෙන් කිසිම මාධ්‍ය ආයතනයක් තමන්ගෙන් නොවිමසූ බවත්, තම කාර්යාලයේ කිසිදු අයෙක් මාධ්‍ය වෙත එවැනි ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත්, පළාත් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේය. නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් භාර අධ්‍යක්ෂ ඊ.ඒම්.එස්.බී. ඒකනායක මහතා මේ බව සඳහන් කළේ බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය සම්බන්ධයෙන් ජන මාධ්‍යවල පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් ඊයේ (12) පැවති මහනුවර…
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MOU) එළැඹීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) සිදු විය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන කර්මාන්ත සංවර්ධන අරමුදලට මෙම අවබෝධතා ගිවිසුම අනුව යුනිලීවර්…
සීඝ්‍රයෙන් ඉහළයන ලොකු ළූනු මිල පිළිබඳ ගැටලුවට ක්ෂණික විසදුමක් ලෙස රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූනු ප්‍රභේදය ආනයනයට අවශ්‍යය පහසුකම් සැපයීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කළේය. ඒ අනුව මෙම නව ළූණු ප්‍රභේදය රු.375- 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරන ලදී. ලොකු ළූනු මිල පාලනය කිරීම පිළිබඳව පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ ඊයේ (12)වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරනය කළේය. අසල්වැසි ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීමත්, මීට සතියකට පෙර පාකිස්ථානයත් සිය ළූනු අපනයනය නැවැත්වීමත් නිසා මෙරට වෙළෙඳපොලේ ලොකු ළූනු සැපයුම අඩු විය. එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු…
චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අතර හමුවක් 12දා පස්වරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. චීන සංචාරකයින් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මෙරටට ගෙන්වා ගැනිමට සහ අදාළව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණීන් මෙම සාකච්ඡාව පැවැත්විණි. චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බවත් මධ්‍යම පළාතේ මහනුවර,නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ඇති සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ගෙන්වා ගැනිමටත්, ආයෝජනයටත් කටයුතු කරන බව මෙම සාකච්ඡාවට එක් වූ චීන නියෝජිතයින් ප්‍රකාශ කළේය. මෙහිද අදහස් දැක්වු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා…
පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ අදාළ ඝාතනය සිදුකළ සැකකරු ද ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි. අදාළ කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සදහා පැමිණ ඇති අතර කාමරය විවෘත නොකිරීම පිළිබදව සැක සිතූ හෝටල් කළමනාකරු විසින් පොලිස් නිලධාරින්ට දන්වා ඔවුන් සිටි කාමරයේ දොර කඩා විවෘත කර තිබෙනවා. එහිදි කාන්තාවක කාමරයේ ලේ වැගිරි මියගොස් සිටි බවත් කාමරයට යාබදව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැළලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා. ඝාතනයට ලක් වූ කාන්තාව අවුරුදු 35 ක් වූ මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ගෙල වැළලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි…
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග සතුන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අනුව සතුන් තාප ආඝාත තත්ත්වයකට හෙවත් හීට් ස්ට්‍රෝක් තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. සතුන් හුස්ම ගැනීම මගින් තම ශරීර උෂ්ණත්වය නියාමනය කරන අතර උෂ්ණත්වය සමග හුස්ම ගැනීම ප්‍රමාණවත් නොවන විට තාප ආඝාතය වර්ධනය විය හැකි බව සදහන්. මෙහිදි හුස්ම හිරවීම, හුස්ම ගැනීමේදී ඝෝෂාකාරි තත්ත්වයක් පැමිණීම, නොසන්සුන් හෝ කලබල වීම, විදුරු මස් රතු වීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම හා වමනය හා පාචනය වැනි තත්ත්වයන් තාප ආඝාතයත් සමග ඇතිවිය හැකියි. මේ අනුව බලු පැටවුන්, රෝගී සුනඛයන් හෘද රෝග වැනි නිදන්ගත රෝග පවතින සතුන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222