- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් අද (13) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇත. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) මහතාද, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද එක්ව සිටියහ. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් කර ඇති අතර, ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර මෙරට පුනර්ජනනීය බලශක්තිය සදහා වන ආයෝජන අවස්ථා සහ උපාය මාර්ගික බලශක්ති සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(12) පැවැත්විණ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය හා බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් සීඝ්‍ර සංවර්ධනයක් ලබාගෙන ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් හට වඩාත් ආකර්ෂණීය මෙන්ම ගැළපෙන ආයෝජන අවස්ථා උදා කිරීම සඳහා වන ව්‍යාපෘති හඳුනාගෙන, නව සුදුසු ආයෝජන වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට ආරාධනා කිරීම සහ වැඩපිළිවළක් සකස් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කරනු ලැබුණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් සැලකිය යුතු මට්ටමින් පහළ යාමක් දක්නට ලැබේ. පසුගිය දිනවල පැවැති අධික එළවලු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ මුරුංගා, කැරට් හා මාලු මිරිස්,ගෝවා බෝංචි හැරුණු විට සෙසු එළවල තොග මිල කිලෝවක් රු. 300ට අඩු අගයන් වාර්තාවීමක් දක්නට ලැබේ. මුරුංගා කිලෝවක් රුපියල් 900ත් 1000ත් අතරත් කැරට් 320ක් මාලු මිරිස් රු 400ක්, බෝංචි රු.280ත් 300ක් ගෝවා 350ක් වැනි මිල ගණන් වාර්තා වුවත් සෙසු එළවලු බොහොමයක මිල ගණන් අඩුවී තිබේ. විශේෂයෙන් අමු මිරිස් මිළ රු. 300ක් දක්වා අඩුවී තිබීමද විශේෂත්වය කි. වැටකුළු රු. 70ක් 80ක්, පිපිඤ්ඤා හා රාබු 30ත් 50ත්, වම්බටු 160ක්, වශයෙන් තොග මිල…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාංශයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් ඊයේ(12) පැවැත්විණ. විදුලි පාරිභෝගික ආරක්ෂණ නීති, නියාමන ආයතනයේ සහ අනෙකුත් පිහිටුවන ආයතනවල කාර්‍යාභාරය වෙන් වෙන්ව සඳහන් කිරීම, පවතින විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙළ, විදුලිය ප්‍රසම්පාදන කටයුතුවල නීතිමාලාව, පවතින මූල්‍ය සහ අනෙකුත් වගකීම පිළිබඳව කටයුතු කිරීම, සේවකයන් නව සමාගම් වෙත අනුයුක්ත කිරීම, ස්වකැමැත්තෙන් ඉවත්වන සේවකයන් වෙනුවෙන් කටයුතු කරන ආකාරය, විශ්‍රාම සහ පාරිතෝෂ දීමනා පිළිබඳව වගකීම, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සහ ක්‍රමවේදයන් වැනි කරුණු සම්බන්ධයෙන් ජනවාරි මස…
බටහිර ජපානයේ Fukuyama නගරයේ උග්‍ර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට බළලෙකු වැටී එතැනින් පැන ගොස් ඇති බැවින් තම සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. hexavalent chromium නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට මෙම බළලා වැටී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා තත්ත්වයන් සහ එහි බලපෑම නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.
සීමා රහිත බිත්තර ප්‍රමාණයක් රුපියල් 43ක මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා. මෙම සහනය අද (13) සිට අප්‍රෙල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්, අමාත්‍ය කංචන විජේසේකර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා. මෙහිදී විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය පිළිබද සාකච්ඡා කර ඇති බව සඳහන්. විදුලි අයක්‍රම සංශෝධනය, විදුලි බල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්ත්වය, ඉන්ධන මිල සූත්‍රය හා තෙල් සංස්ථාවේ මෙහෙයුම් ඇතුළු තවත් මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222